Pages
- සබරගමුවේ වැදි ජනාවාස
- By Phil Myers
- Gardens in the western precints
- වැස්ස
- දැනුම විමසමු
- ගුරු පියාණනි,
- අන්ධකාරයට සාප නොකරන්න…
- අභයගිරි විහාරය
- අවුරුදු ඉවරයි……
- අළුත්සහල් මංගල්‍යය.
- ආදරණිය අක්කේ
- ඔබයි සඳමඩල
- කෝමාරිකා ශාකය
- ජන කවි
- ජය පැරදුම මත සතුට
- දුටුගැමුණු රජතුමා
- නොගැලූ කඳුළ
- මාගේ මිතුරියේ
- මිහින්තලාවේ බෞද්ධ උරුමය
- මුරගල
- රන්දෝලි පෙරහැර
- රුවැන්වැලි සෑය
- විෂම වූ ලෝකය
- වෙන්වීන්න දැන් ලගයි. වෙන් වෙන්න බෑ දුකයි…
- ශ්‍රි මහා බෝධිය
- ශාක පෝෂණය
- හීන් බෝවිටියා
- Betel
- Butterfly
- Coconut Tree
- Diyaluma Falls
- Dog
- Gems.
- Love is never sieent……
- My self.
- panda
- Rusty-spotted Ca
- Sigiriya
අන්ධකාරයට සාප නොකරන්න………
ඔබද මා එක් වෙමින්
දල්වපු ඉටි පහන්
සමග පොල් තෙල් පහන්
දැල් වෙන්න ඉඩ හරිමු……….
මග නොදැන කරුවරේයන අයට
මග සොයා ගනු පිණිස
අදුර අතගගා සරනා අයට
අදුර විනිවිද එළිය දකින ලෙස…………..
ඒ එළිය කුඩා වුව නොතැවෙන්න
රුයේ එය මහ එළියක් වෙයි
ප්‍රභාශ්වර කිරණ විහිදී යන්න
නොඅහුරා මග හොදින් ඉඩ දෙන්න……..
ඔබත් පහනක් බැතින්
දල්වන්න සියළු
පහන්සිළු පණ වෙන් සුරකින්න…………..!!!!!
අහිම් වීම…….
විශේෂ පදයක් යෙදු
නාම පද ක්‍රියා පද
නුඹේ නම්න් මිය ගිහින්
සම්බන්ධ විභක්තිය
විශේෂණ සමාසය
ඉකිබිද සමු අරන්
අනාගත ප්‍රත්‍යක් නැති
අතීත කාලයක් වගෙයි
අද මගේ ප්‍රේමයත්
අතීතය බැදුණු
කතෘ කරයි නුඹ
නුඹ සිත වාක්‍යයේ
අනුක්තව ඉන්න මිස
උප සර්ගයක් වෙන්න
හිතුවේ නෑ කිසිදාක……..
බුදු ගුණ කවි….
දහම් පිලිවෙතින් සපුරා
නිවනෙහි මග වෙත හැරුණා
සසර පුරා දුක් කරුණා
බුදු වී ලොවටම දෙසුවා
බුදුන් දෙසු බණ මුළු ලොව පැතිරේවා
නිවනේ දොරටුව සැම හට ඇරේවා
සව්සතගමෙ මුළු දිවියම බැබලේවා
සම්බුදු සසුන තුන් කල්හිම රුකදේවා
සැම සිත් පහන් වේවා
මෙත් මල් ලොව පිපේවා
දහම් හඩ පැති රේවා
සියලු සතුන්ගේ සිත් නිවේවා
මල් සුවදින් සිල් සුවදින් බැබලේවා
ධර්මය මුළු ලොවේ හැම දින පැතිරේවා
සැම සිත් සතන් කරුණාවෙන් බර වේවා
දහම්න් මළු ලොවම හෙට දින බැබලේවා
බුදුන් දකින්නට පිං මදි වුවා
ලොවටම වටිනා ධර්මය දෙසුවා
හිමියන් ඹබ දෙසු බණ මම ඇසුවා
නිවන් දකින්නට අප සැම පැතුවා
හිම්යනේ බුදු හිමිය නේ
ඹබ දෙසු මග යන්න හැකි වේදේ
නිවන් මග ලොවට අහිම්දෝ
සිත් පහන් වේවෝ
ලෝව අදුරු නිවේදෝ
හිම්යනේ බුදු හිමියනේ
හිමියනේ බුදු හිමියනේ
මල් පහන් දැල්වේදෝ
සිල් සුවද පැතිරේදෝ
සැම ජීවිත ආලෝකයේදෝ
සදා දැල්වෙන පහන නිවේදෝ
හිමියනේ බුදු හිමියනේ……..
බුද්ධං සරණේ සරණයි
ධම්මං සරණේ සරණයි
අප සැම හට බුදු සරණයි
බුදු රදුනේ බුදු සරණයි.
Posted in Uncategorized
Tagged අයේෂිකා, ගොඩක් දවසකින්, මගේ අදහස්, විවේකීව, වෙසක් පොහොය, සැමරුම
1 Comment
අවුරුදු ඉවරයි…..
ලැබුනා අත්තිකාරම්
මැයි මාසයේ පඩියත්
විලියෙන් සිටි ලෙස
ගත්තා රෙදි පිළි
හැදුවා රස කැවිලි
ඉතිරුවා කිරි
කෑවා කිරි බත්
ගියා නෑගමි
ඉටුකලා යුතුකමි
දැන්නම් හොදටම
හෙම්බත්…………
Posted in Uncategorized
Leave a comment
ඈම්ඩන්ගේ කතා.
01යාලුවො දන්නව නේද ඈම්ඩන් ගෑන. ඔය ඉතින් ඉස්කෝලෙ ගිය කෙනෙක් නම් නොදෑන ඉන්න බෑ නේ. ඈම්ඩන් ව මරන්නෙ ෆ්‍රී පිරියඩ් වලදි නොවෑ. හිකිz. මේ ඈම්ඩන් ගෙ කතා ගොඩාක් තියෙනව. ඒ අතරින් ටිකක් අලුත් එකක් තමයි මේ.
ඔන්න ඈම්ඩන් ඉස්කොලෙ 10 පන්තියට පාස් උනාලු.10 පන්තිය කියන්නෙ මුලින්ම ඩිග කලිසම අදිම පන්තිය නොවෑ. ඉතින් ඈම්ඩා කොල්ල ඉතාමත් ආසාවෙන් මුල්ම දවසෙ පන්තියට ගියා. ඒ උනාට ඈම්ඩන් ට එදාම පන්තිය එපා උනා. මොකද ඒ පන්තියට ගණිතය උගන්වපු ගුරුතුමා ට ළමයින්වත් ළමයින්ට ගුරුතුමා වත් පෙන්නනන් බෑ ලු. ඒ ගනිත ගුරුවරයත් ඒ බව දන්නවලු. ඔන්න දවසක් මෑ ගනිත ගුරුවරය හිතුවලු ලමයින් ට හිතට දෑනෙන්න ගනිත පාඩම කරන්න. එහෙම හිතල සංගීතවත් විදිහට පාඩම කරන්න පටන් ගත්තලු.
සර්, “පහේ……….න් තුනා………..ක්” කියනකොට ලමයි “දෙකා…….යි” කියන්න ඕනේ
ඔන්න ඕක තමයි සෙල්ලම. ඔන්න දෑන් මුල ඉදල එක එකා නෑගිට්ටවල සර් අහනව අර විදිහට. ඉතින් ලමයිනුත් එක එකා ඒ ඒ උත්තර දෙනව.
ඈම්ඩන් ට මේ නෑගුට්ටවල ප්‍රශ්න අහන සෙල්ලම වහ කදුරු වගේ ලු. ඒත් අනික් ගුරුවරු මේ වගෙ නෑගිට්ටවල අහන ප්‍රශ්න ඈම්ඩන් ගේන් අහන්නෙ නෑලු. මොකෝ අපේ ඈම්ඩා ගේ කට ටිකක හොද මදි නේ. ඔන්න ගනිත ගුරුතුමා නෑගිට්ටෙව්වා ඈම්ඩන් ව.
“තුනෙන්……… එකා……..ක්” කියල සර් ඈහුවාලු.
එතකොට ඈම්ඩන් “දිගා………….යි” කිව්වාලු.
හි…. හි…..
ඊට පස්සෙ ඈම්ඩනුත් ඉවරා……යි ලු.
සත්‍යපාලගේ කතාව.
දිනක් සත්‍යපාල මහතා ගුවන් විදුලි සම්මුඛ සාකච්චාවකට පැමිණියේය. එහිදී සිදුවුනු දෙබස මෙසේය…….
නිවේදක – ඉතින් සත්‍යපාල, කොහොමද ඔයාගේ මේ දවස්වල වැඩකටයුතු?
සත්‍යපාල – වැඩකටයුතු කියන්නේ මහත්තයෝ, ඒ ගැන කියලා වැඩක් නැහැ.
නිවේදක – ඒ කියන්නේ ඔබ ඒ තරමට කාර්ය බහුලද?
සත්‍යපාල – මං කිව්වනේ කියලා වැඩක් නැහැ කියලා. ආයෙත් අහනවා.
නිවේදක – හරි හරි. ඔබ ගැන විස්තර ටිකක් දැන ගන්න කැමතියි. ඔබ ඉපදුනේ කොහේද?
සත්‍යපාල – කළම්බු සෙවන්.
නිවේදක – ඒවුනාට අප අහල තියෙන්නේ ගම කැකිරාව කියලා නේ?
සත්‍යපාල – ඔව් ගම කැකිරාව, ඒ වුනාට මාව ලැබන්න ඉන්න කොට අම්මට අමාරු වෙලා, ඇම්බියුලන්ස් එකෙන් කොළඹට ගෙනාවා. ඉතින් කළම්බුවල තමයි ඉපදුනේ.
නවේදක – එතකොට ළමා කාලය කොළඹ ගතකළා කියන්නේ කොහොමද?
සත්‍යපාල – මේක නේ, මා ටිකක් අඩු මාසෙන් නේ ඉපදුනේ. ඒක නිසා අර මොකක්ද නොමේරූ ළදරු ඒකකය කියලා එකක් තියෙන්නේ, ඒකෙ මාස තුනක් විතර දාලා සිටියා. ඉතින් ළමා කාලයම නොදැනීම ගතවුනේ ඒක ඇතුලේ.
නිවේදක – හොදයි. එතකොට පාසල් කාලය ගැන යමක් කිව්වොත්?
සත්‍යපාල – පාසල් කාලේ නම් සුන්දරයි. මොකද අනෙක් හැම ළමයෙකුටම වඩා ඉහළින් තමයි ගුරුවරු මාව තැබුවේ.
නිවේදක – ඉහළින් තැබුවා කියන්නේ, ටිකක් පැහැදිළි කළොත් ඒගැන?
සත්‍යපාල – නෑ ඉතින් හරියට සිටියේ නැතිවුනාම ඉස්සෙල්ලාම පුටුව උඩ නග්ගනවා, ඊට පසුව ඩෙස් එක උඩ නග්ගනවා ඒත් බැරිවුනාම කබඩ් එක උඩ නග්ගනවා, එතකොට ඉතින් මුළු ඉස්කෝලෙම, විදුහල්පති තුමාටත් වඩා ඉහළින් තමා මා සිටියේ. තව ඉතින් ඉස්කෝලෙ ගැන තොරතුරු කියනවා නම් අපේ ගුරුවරු මට දෙවියන්ට වගේ තමයි සැලකුවේ.
නිවේදක – ඇයි ඒ?
සත්‍යපාල – ඒ කියන්නේ, එක අවුරුද්දක හිටපු ගුරුවරයෙක් ඊළග අවුරුද්දෙත් සිටියොත් “අනේ දෙයියනේ උඹ මේ අවුරුද්දෙත් මගේ පංතියේද?” කියලා අසනවා.
නිවේදක – ඒ තරමට ආදරෙයි?
සත්‍යපාල – ආදරෙයි කියන්නේ, ආදරේ වැඩිකමට මාව එකම පංතියේ අවුරුදු පහක් පමණ තබා ගත්තා.
නිවේදක – එතකොට පවුල් පසුබිම එහෙම කොහොමද?
සත්‍යපාල – පවුල්වූ පසු නම් බිම තමයි ඉන්නේ, ඇදට ගන්නේ නැහැ.
නිවේදක – ඒ මොකද?
සත්‍යපාල – හාමිනේ නම් කියන්නේ, නාලා එන්නේ නැහැ කියලා තමයි.
නිවේදක – පවුලේ වෙනත් විස්තර කියනවා නම්?
සත්‍යපාල – පවුලගේ විස්තර මේ වගේ තැනක පෞද්ගලිකවත් කියන්න බැහැ. ඒ තරම් ලැජ්ජයි.
නිවේදක – නෑ නෑ මා ඇසුවේ පවුලගෙ විස්තර නොවෙයි. ෆැමිලි එකේ විස්තර.
සත්‍යපාල – ෆැමිලි එක ගැන නේද? අපට හෙන බර ෆැමිලි එකක් තියෙන්නේ. ෆැමිලි එකේ විශේෂත්වය ඇවිල්ලා ඔක්කොම ඉන්නේ උපාදි කාරයෝ. අපේ අම්මා රජරට ඇග්රි ස්පෙෂල්, ඒ කියන්නේ අක්කලා දෙන්නත් එක්ක කුඹුරට බැස්සහම අක්කරය ඉතින් පැයකින් එකහමාරකින් ඉවරයි.
නිවේදක – ආ එහෙමද?
සත්‍යපාල – තාත්තා වයඹ ෆොරස්ට් ස්පෙෂල්. එයා ඉතින් හිටපු ග්රාම සේවක නේ. බදලා අල්ලන්න බැරි පලු ගස්, කරුවල ගස් පැයෙන් උළුවහු ජනෙල් කරලා මිදුලේ ගොඩගහනවා.
නිවේදක – නිමැවුම් උසස් නේද?
සත්‍යපාල – නැතුව, නැතුව. අපේ අයියා මහත්තයෝ කෙමිස්ට්රි ස්පෙෂල්. රෑට දගරෙයි සීනි මිටියයි අරගෙන යනවා. උදේට ඉතින් ගේ ඇතුලේ හැරෙන්න ඉඩ නැහැ. බෝතල්, බූලි ගොඩ ගහලා.
නිවේදක – දේශීය තාක්ෂණය.
සත්‍යපාල – ආයිත් අහල, උපරිමේ.
නිවේදක – හරි හරි මට හිතාගන්න පුළුවන්.
සත්‍යපාල – අපෙ බාප්පා කෙනෙක් ඉන්නවා, ඉන්ජිනේරු ස්පෙෂල්, මොරටුවේ කොන්ත්රාත් එකක් කරනවා ළඹය නැතුව තමයි බිත්ති නග්ගන්නේ. ඒවා තමයි අපේ පවුලේ විස්තර.
නිවේදක – එතකොට රට්ටු සිනස්සනවාට අමතරව මේ දවස්වල කරන වැඩ මොනවද?
සත්‍යපාල – අගනුවර උසස්ම රැකියාව තමයි කරන්නේ. වර්ල්ඩ් ට්රේඩ් සෙන්ටර් එක තියෙන්නේ, ඒකේ උඩම තට්ටුවේ වහලේ පොඩි රෙපයාර් එකක් බාප්පාත් එක්ක කරගෙන යනවා. එයා කිව්වා “මිනිසෙකුට ළගා වෙන්න හැකි ඉහළම තැන එතන”යි කියා.
නිවේදක – හොදයි සත්‍යපාල, කෙටියෙන්ම කිව්වොත් කැමතිම පාට මොකක්ද?
සත්‍යපාල – ඒ දවස්වල නම් කොළ. දැන් නව් නිල්.
නිවේදක – මොනවා හරි විශේෂත්වයක් තියෙනවද?
සත්‍යපාල – තාත්තා නම් කියන්නේ ඉස්සර කැපුවත් කොළ කියලා. ළගකදී ඉදලා කැපුවත් නිල් කියලා තමයි කියන්නේ. ඉතින් මමත් නිල්.
නිවේදක – පරම්පරාවෙන් එන ආභාෂය නේද?
සත්‍යපාල – සත්‍ය වශයෙන්ම.
නිවේදක – ඔබ කැමතිම ක්රීඩාව?
සත්‍යපාල – බූරැවා ගැසීම කුකුළන් කෙටවීම ගොන් පොරවලටත් කැමතියි.
රෝහලේ කතා….
“ඔබ ආවේ ඇයි?” කියා දොස්තරගේ කාර්යාලයේදී පිළිගැනීමේ නිලධාරියා පැම්නෙන අයගෙන් සැම විටම අසති. ඔවුන්ට කාරණාව කුමක්ද කියා පිළිතුරු දීමට සිදුවන්නේ අනෙක් අය ඉදිරියේදීය. මෙය සමහර අවස්ථාවල රෝගියා ඉතාමත් අපහසුතාවයට මෙන්ම ලැජ්ජාවටද පත් කරවයි.
අනෙකුත් රෝගීන්ද තම වාරය එනතුරු රැඳී සිටින කාමරයක දොස්තරගේ පිළිගැනීම් නිලධාරිනිය ඔබේ රෝගය කුමක්දැයි ඇයට කියන ලෙසට බල කිරීම තරම් නරක තවත් දෙයක් නැත. බොහෝ දෙනා මෙය අත්දැක තිබෙනු නොඅනුමානය. මේ මහළු මිනිසා එහිදී ක්‍රියා කළ ආකාරය හරිම අපූරුය.
අවුරුදු 86ක් වයසැති පුද්ගලයෙක් සෙනඟ පිරුණු කාමරයට පිවිස මේසය වෙත ගියේය.
“ඔව් සර්! ඔබ අද දොස්තර හමුවෙන්නේ මොකටද?” කියා පිළිගැනීමේ නිලධාරිනිය විමසුවාය.
“මගේ ……..(දෝෂය කොතනද කියලා අන්තිමට හිතා ගන්න හොදේ.) මොකක්දෝ දෝෂයක් තියෙනවා.” මහළු පුද්ගලයා පිළිතුරු දුන්නේය.
මෙය ඇසූ සැණෙන් පිළිගැනීමේ නිලධාරිනිය කෝපයට පත් වූවාය.
“මෙවැනි සෙනඟ පිරුණු තැනකට ඇවිත් එවැනි දෙයක් කීම ඔබට වටින්නේ නැහැ” ඇය කියා සිටියාය.
“ඇයි නැත්තේ? ඔබ මගෙන් රෝගය කුමක්ද කියා ඇහුවා, මම කිව්වා” යැයි ඔහු කීවේය.
එවිට පිළිගැනීමේ නිලධාරිනිය මෙසේ පැවසුවාය.
“ඔබ දැන් මේ සෙනඟ පිරුණු කාමරයේදී මාව ලැජ්ජාවට පත් කර තියෙනවා. ඔබට කනේ හරි වෙන කොහේ හරි අමාරුවක් තියෙනවා කියලා මට කියන්න තිබුණා. ඊට පස්සෙ දොස්තර ළඟට ගිහින් පෞද්ගලිකව ඔබේ රෝගය ගැන සාකච්ඡා කරන්න තිබුණා.”
“පිළිතුරෙන් ඔබ ලැජ්ජාවට පත් වුණා නම් අමුත්තන්ගෙන් පිරුණු කාමරයක ඔබ මිනිසුන්ගෙන් ප්‍රශ්න ඇසිය නොයුතුව තිබුණා” කියූ මහලු පුද්ගලයා එතැනින් පිටව ගියේය. මිනිත්තු කිහිපයකින් පසුව යළි පැමිණියේය.
පිළිගැනීමේ නිලධාරිනිය සිනාමුසුව “ඔව්!” කීවාය.
“මගේ කනේ මොකක්දෝ වැරැද්දක් තියෙනවා” මහළු පුද්ගලයා කීවේය.
හිස වනමින් ඔහු පිළිගත් ඇය ඔහු තමාගේ උපදෙස් අනුගමනය කරනු දැකීමෙන් ආඩම්බරයට පත් වූවාය. පෙර සිනාවෙන් ම
“ඔබේ කනේ තිබෙන වැරැද්ද මොකක්ද සර්?” කියා ප්‍රශ්න කළාය.
“මට ඒකෙන් මුත්‍රා කරන්න බැහැ” යැයි මහලු පුද්ගලයා පිළිතුරු දුන් විට මුළු කාමරයම සිනා හඬින් පිරී ගියේය.

