ඡන කවි නමින් හැදින්වෙන්නේ පොදු ඡනයා අතර පරම් පරාවෙන් පරම්පරාවට කටින් කට පැවත ආ ඡනශ්‍රැති විශේෂයකි. මට සිලිටි බව, සරල බව, හා ආදිනත්වයත් ඒවායේ දක්නට ලැබෙන සුවිශේෂි ලක්ෂණ වෙයි.
ඡන කවි යනු ඡනශ්‍රැතයේම එන තවත් අංගයකී. ඡන කවි මුඛ පරමිපරාගත විය.එය බිහි වන්නේ පොදු උපතක් ලබමිනි.කවියෙකු මුලින් කවියක් හැදුවත් එය ඡන කවියක් වන්නේ පොදු මිනිස් සමාඡයම ඒ කවිය ව්‍යහරයට ගෙන යථෝක්ත මිනිස් සමාඡයේ ආශ්‍රයේ යලිත් වරක් බිහිවිමෙන් ඉක්බිතිවය.
ඡන කවි මගින් ගැමි ඡිවිතය හා ගැමි සංස්කෘතිය පිළිබද රසවත් තොරතුරු රාශියක් අනාවරණය වෙයි.
පැල් කවි, කරක්කන් කවි , නෙළුමි කවි , පතල් කවි ,පාරූ කවි , කරත්ත කවි හා උපදේශ කවි වශයෙන් ඡන කවි ප්‍රහේද රාශියකි.
ඡන කවියක් තෝරා බෙරා ගැනිමට ඇති ලක්ෂණ
මුඛ පරමිපරාගතව ඵය පැවතීම.
විශාල ප්‍රදේශයක ඵ් කවිය හෝ ඵහි ප්‍රභේධ පැතිරි පැවතීම.
දීර්ඝ කාලයක් මුළුල්ලෙහි මිනිසුන් අතර ඡනශ්‍රැතියක් ලෙස පැවතීම.
සාමාන්‍ය මිනිසුන්ගේ ඡීවන රටාව හා සරල බස් වහර ප්‍රයෝඡනයට ගැනීම.
ඉඩවර දවසට කොයි ගොයියා
සතර වනන්තර කොටා දමයියා
පතර අකුල් කටු නසා දමයියා
විසුණු කරයි වැසියොති ගිනි දෙයියා
තෙල් ගාලා ඉස පිරන් නෑනෝ
ඇට වැල ඇරගෙන බැදගන් නෑනෝ
සේලේ අරගෙන ඇදපන් නෑනෝ
ගොයමි නෙළන්නට යමු අපි නෑනෝ
මස්සිනාගෙ මගුලට මම රුහුණු ගියේ
ලස්සන ගමන් බඩු පටවා එන්ට ගියේ
පස්ස බලන කොට අගුලක් ගිලී ගියේ
රත්තරන් ලියකි තෙලිකඩ ගගේ ගියේ
ගහක් කපාගෙන ඔරුවක් කොටා ගෙන
හබලක් හදාගෙන ගගකට දමා ගෙන
එගොඩත් බලාගෙන මෙගොඩත් බලා ගෙන
කොළුවෙක් තෙමී ගෙන ඔරුපදි මුලා වෙන
පිහිල්ල ලග ගලේ සිටන් බලාන් සිටිනවාත් තෙතගු
අලංකාරයෙන් සුලගට මල කැරකෙනවාත් තෙතගු
බඹරැ ඇවිත් මල වටකර නාද කරනවාත් තෙතගු
මෙරන් මෙතට මල අඹරට උඩින් පෙනෙනවාත් තෙතගු
එමල් වනේ වන මුදුනේ වන මල් පිපිලාත් තෙතගු
මල මුදුනේ බමරු ගනේ මල් පැණි බීලාත් තෙතගු
මද පවනේ සුවද ගෙනේ දස අත පතත් තෙතගු
වන සිහිනේ දුටු දනගේ මන නෙත් තුටුකලත් තෙතගු
කණ්ඩලේ දෙන්නා දෙපොලේ දක්වනවා
කටු කැලේ ගාලේ නොහිලා වද දෙනවා
හපුතලේ කන්ද දැකලා බඩ දනවා
පවු කල ගොනෝ ඇදපන් හපුතල් යනවා

