ව්‍යාප්තිය - අප්‍රිකාව, දකුණු ආසියාව, උතුරු ඔස්ට්‍රේලියාව වැනි රටවලත්, ශ්‍රී ලංකාවේ පහතරට තෙත් කලාපයේ සිට මුහුදු මට්‌ටමේන් අඩි 5000ක් දක්‌වා වූ උස ඇති ප්‍රදේශවලත් වැවේ. දකුණු ඉන්දියාවේ ද දක්‌නට ලැබේ.
රූපාකාරය - කුඩා සෘජු පැළෑටියකි. අතු බෙඳී ඇත. පිටපොත්ත රතු දුඹුරු පැහැයක් ගනී. ආයත හැඩැති පත්‍රවල යටි පැත්තේ සියුම් රෝම සහිත ය. දිගින් මි.මී. 3ක් පමණ වෙයි. ද්විලිංගික මල් රෝස පැහැති ය. කුඩා ය. සුදු පැහැයට හුරු මල් ද ඇත. බෝංචි බීජ හැඩය ගත් කුඩා බීජ, කරල්වල ඇත.
ඖෂධීය ගුණය - ආයුර්වේදයේත්, දේශීය වෙදකමේත් හීන් බෝවිටියා යොදන අවස්‌ථා ඇත. සෙංගමාලය රෝගයේ දී හීන් බෝවිටියා වෑංජනයක් ලෙස ආහාරයටත් උදෑසන හිස් බඩ කැඳක් ලෙසටත් භාවිත කරන ලෙස දේශීය වෙදකමේත් ආයුර්වේදයේත් නිර්දේශ කෙරෙයි. බඩේ රිදීමක් නැති ව කීප වරක් බඩ යන විට හීන් බෝවිටියා කිරට උයා ආහාරයට ගැනීමෙන් එම රෝගී තත්ත්වය සුව වෙයි.
හීන් බෝවිටියා ළපටි කොළ වෑංජනයක් ලෙස උයා ආහාරයට ගත හැකි ය. මේරූ පත්‍ර සලාද සැදීමට ද ගනී. දිනපතා දින 5ත් 7ත් අතර කාලයක් ආහාරයට ගැනීමෙන් දියවැඩියාව අඩු වන බව සඳහන් වෙයි.
තරමක මේරූ පත්‍ර කොටා පොල්, කැකුළු හාල් සමඟ කැඳ පිස උදෑසන කිතුල් හකුරු සමඟ බීමෙන් ශරීරයේ අධික උෂ්ණය නැති වී යයි. සෙංගමාලය රෝගයේ දී මේරූ හීන් බෝවිටියා කොළ පොල් සමඟ කොටා මිරිකා හීනටි හාලෙන් කැඳ උයා දින කීපයක් ලුණු නො දමා හිස් බඩ බීමෙන් සුවය ලැබෙයි.
වගා කිරීම - පරිසරයේ වල් පැළෑටි අතර වැවේ. වගා කිරීමක් නො කෙරෙ.¨ පරිසර පද්ධති කුඩා වීම මෙම පැළැටිය වඳ වීමට හේතුවකි.