අභයගිරි විහාරය

මෙය පැරණි ඉන්දියාවේ පැවති නාලන්දා,ජගද්දලා,වික්‍රමශිලා වැනි බෞද්ධ ආරම්භක විශ්ව විද්‍යාල ගණයට ඇතුල් කළ හැකිය.ක්‍රි.පු පළමු සියවසේ වලගම්බා රජතුමා විසින් අභයගිරි විහාරය කරවු අතර එකොළොස් වැනි සියවස දක්වාම හොඳින් ක්‍රියාත්මකව පැවතුණි.ගුණවර්මන් නැමති කාශ්මීර රජතුමාද,පාහියන් වැනි චීන ජාතික භික්ෂුන්ද ඇතුලු විදේශිය පිරිස් ආගමික අධ්‍යාපනය සඳහා මෙහි පැමිණියහ.450px-අභයගිරි_විහාරයමහා විහාරය ථෙරවාදයට පමණක් සිමා වී සිටියදී අභයගිරිය එවකට පැවති හීනයානා හා විවිධ මහායානා දර්ශනයන් අධ්‍යයනයට හා ඒවා ප්‍රකාශයට ඉඩ ලබා දී ඇත.සතර මුලයකින් වට වු අභයගිරි විහාරයේ රත්න ප්‍රසාදය දිව්‍ය විමානයක් බඳු වු බව පස්වන කාශ්‍යපගේ අභයගිරි ශිලා ලිපියේ සඳහන් වේ.මෙරට සුවි‍ශේෂි කලා නිර්මාණ අතර‍ ප්‍රමුඛස්ථානයක් ගන්නා මුරගල,සඳකඩපහණ,කුට්ටම් පොකුණ,සමාධි බුදු පිළිමය ආදිය පිහිටා ඇත්තේද අභයගිරියේය.

ද්‍රවිඩ ආක්‍රමණ නිසා වළගම්භා රජු පලා යන විට අභයගිරිය පිහිටි ස්ථානයේ සිටි ගිරි නම් නිගණ්ඨයා මහාකළු සිංහලයා පලායයි යනුවෙන් අපහාස කළ බවත්,නැවත රාජ්‍ය ලබා ගත් විට රජතුමා නිගණ්ඨ දේවාලය කඩා දමා අභයගිරිය සාදා තමාට බැරි කාලයේදි උපකාර වු කුපික්කල මහාතිස්ස හිමියන්ට පුජා කළබවත් තමාගේත් නිගණ්ඨයාගේත් නම් එක් කොට එය අභයගිරි විහාර‍ය යනුවෙන් නම් කළ බවත් මහා වංශයේ සඳහන් වේ.පුරාණයේ උස් බිම් හා පර්වත ආශ්‍රිතව ඉදි කළ විහාරගිරි යන්නෙන් අවසන් කර ඇත.මේඝගිරි,චේතියගිරි,මුහුන්දගිරි,වෙස්සගිරි ආදියේත් ගිරි නිගණ්ඨයන් නොසිටි හෙයින් අභයගිරි යනු අභය රජතුමා උස් බිමක සෑදු විහාරය නිසා නම් වු බව පෙනේ.පස්වැනි සියවස වන විට මෙහි භික්ෂුන් 5000 ක් වැඩසිටි බව අභයගිරි විහාරයේ වැඩසිටි චීන ජාතික පාහියන් හිමියන් සඳහන් කරයි.එසේම හතරවැනි සියවසේදි කිත්සිරිමෙවන් රජ දවස මෙරට ගෙන ආ දළදා වහන්සේගේ භාරකරත්වය හිමි වුයේද අභයගිරියේ පැරණිතම භික්ෂූ කණ්ඩායම වු උත්තර මුලය‍ටයි.අනුරාධපුර යුගයේදි දළදා පෙරහැර පැවතුනේද ඇතුළු නුවර සිට අභයගිරියටයි.ලංකාරාමය මෙහි භික්ෂුණි ආරාමයක් විය.වයඹදිග ප්‍රදේශයේ තපෝවනයක් ද විය.1017 සොළි ආක්‍රමණ නිසා අඩපණ වු අභයගිරිය 1215 මාඝගේ ආක්‍රමණය නිසා වල්වැදි ගියේය.

250px-අභයගිරිය.අභයගිරි විහායේ දක්නට ලැබෙන සුවිශේෂි කලා නිර්මාණ

01.අභයගිරි ස්තූපය

02.රත්න ප්‍රසාදය

03.මුරගල

04.සඳකඩපහණ

05.සමාධි බුදු පිළිමය

06.ඇත් පොකුණ

07.කුට්ටම් පොකුණ

08.අභයගිරියේ සුදස්සන පඨානඝරය

අභයගිරි ස්තූපය

මෙය අභයගිරි උත්තර මහා චෛත්‍ය නමින්ද හඳුන්වනු ලබයි.වළගම්භා රජතුමා විසින් මෙම ස්තූපය ඉදිකර ඇත.බුදුන් වහන්සේ සිරිලකට වැඩම කළ පසු සිරිපාදය තැබු ස්ථානයක ස්තූපය ඉදිකර ඇති බවට විශ්වාසයක් වු බව ක්‍රි.ව.411-113 පාහියන් හිමියෝ පවසති.පසු කාලීන ග්‍රන්තයක් වන සද්ධර්මරත්නාකරයහි සඳහන් වන පරිදි මෙහි සර්වඥධාතු තැන්පත් කළ වෘෂභ‍යෙකුගේ හැඩයෙන් යුතු කරඬුවක් නිදන් කර ඇත. අභයගිරි භූමියේ තවත් ස්තූප කීපයක් දක්නට ඇත.ජනවහරේ ඉඳිනටු සෑය නමින් හැඳින්වෙන ප්‍රාසාද ස්තූපය කුඩා ගල්පර්වතයක් මැදි කොට ඉදිකරන ලද්දකි.මෙය පොළොන්නරුවේ සත්මහල් ප්‍රාසාදය නම් සතූපය හා සමානය.ඇත්පොකුණට බටහිරින් වේදිකාවක් මත තවත් ස්තූපයක් හමු වී ඇත.ඒ හැර තවත් කුඩා ස්තූප දෙකක නටඹුන් හමු වී ති‍බේ.

සඳකඩපහණ

250px-Sadakada_pahanaඅනුරාධපුරයේ සුප්‍රසිද්ධ සඳකඩපහණ පිහිටා ඇත්තේ අභයගිරි විහාරයේය.මහාචාර්ය පරණවිතාන මහතා සඳකඩපහණේ කැටයම් විස්තර කිරිම සඳහා තෝරා ගත්තේ මේ සඳකඩපහණයි.මීට නුදුරින් රත්නප්‍රාසාදයට පිටු පසින් එවැනිම කලාත්මක සඳකඩපහණක් ඇත.පරණවිතාන මහතාගේ අදහසට අනුව සඳකඩපහණේ කැටයමෙන් දැක්වෙන්නේ සංසාර චක්‍රයයි.

* පලාපෙති මොස්තරය-ලෝකය ගිනිගත් බව දැක්වෙන ගිනි දැල්ය.

* සිව්පාවන්-ජාති,ජරා,ව්‍යාධි,මරණ

* ලියවැල-තෘෂ්ණාව

* හංසයින්-සංසාරයෙන් මිදිමට තැත් කරන ජනතාව

* පද්මය-නුවණ

මේ පිළිවෙළට කැටයම් නොමැති සඳකඩපහණක්ද ඇත.

Advertisements

One Response to අභයගිරි විහාරය

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s