අළුත්සහල් මංගල්‍යය.

වැව, වෙල, ගම, කන්ද, ලන්ද, තමන්ගේ පැවැත්මේ කේන්ද්‍රස්ථානය කර ගත් නුවර ක‍ලාවියේ ගොවි ජනතාව තමාට වූ පිහිට වෙනුවෙන් කෘතගුණ සැලීකමක් වශයෙන් විවිධ පුද පූජා ආගම ධර්මය මුල්කරගෙනම පැවැත්වීමට හුරු පුරුදු වූහ. එමෙන්ම බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නය කෙරෙහි අසීමිත භක්ත්‍යාදරය පදනම් කරගත් ඇතැම් දාන මංගල්‍යයද තමාට, ගමට, රටට සුඛ විහරණයන් ළගා කර ගැන්මේ ශාන්ති කර්මයක් ලෙසට සැලකූහ.

නුවර කලාවියේ වෙහෙර විහාර මංගල්‍ය තුල දාන මංගල්‍ය තුනක් සිදුකෙරේ. අග්ගස්ස දාන මංගල්‍යය, අළුත් සහල් දාන මංගල්‍යය, ලහබත් දාන මංගල්‍යය නමිනි. කොහොඹා යක් කංකාරියේ පූජා රටාව සහ එහි අනුපිළිවෙල දෙස බලන කල “අගහස් වෙන් කිරීම” යනුවෙන් හදුන්වන්නේ ගොවි තැනෙන් ලද අස්වැන්නේ ප්‍රථම කොටස දෙවියන් උදෙසා මංගල්‍යයක් පවත්වනු පිණිස වෙන් කරනු ලැබීමයි. මෙසේ වෙන් කරගත් ශස්‍ය කොටස් නිවසේ උස් තැනක සුරක්ෂිතව තබනු ලැබේ. මෙසේ අග්‍ර ශස්‍ය හෙවත් ප්‍රථම අස්වැන්න දෙවියන් සදහා වෙන් කිරීම “අක්යාල වෙන් කිරීම” යනුවෙන් උඩරට ප්‍රදේශ වල හැදින්වේ. එය පහත රට ප්‍රදේශ වල හැදින්වෙන්නේ දෙවියන්ගේ වී හෝ දෙවියන්ගේ අස්වැන්න යන නමින්ය. යන බව මුදියන්ගේ දිසානායක මහතාගේ සිංහල නර්තන කලාව නම් පොතෙහි සදහන්ව ඇත.

ගොයම් කිරිවැදීගෙන එන අවදියේ කපා ගන්නා කිරි කරල් තලා මිරිකා පිසින ලද අති භක්තිපූර්වක කිරි අහර බුද්ධ පූජාව නුවර කලාවියේ හදුන්වන්නේ අගස්දාන මංගලයය වශයෙනි. ඉහතින් දැක්වූ පරිදි වෙනත් ප්‍රදේශ වාසීහු උක්ත දානය විවිධ ආකාරයෙන් නම් කෙරෙති. ඊට ඇතැම් ප්‍රදේශයක ගොවීන් වහරන්නේ අලුසල් සංගල්‍ය නැතහොත් අලුස්සල් මංගල්‍ය කියාය. රාජ වන්නියේ දී අළුත් සහල් මංගල්‍ය ලෙස හදුන්වන බව මුදයන්සේ දිසානායක මහතා පවසයි.
රටේ ධන, ධන්‍ය, ආදී සම්පත් බුද්ධ බෝග සේ සලකා ප්‍රථම භාගය රත්නත්‍රය සිහිකර පුද කිරීමේ පුරුද්දක් ආගමික චින්තනයට එකතු වූයේ බුදු සමය ලක්දිව ප්‍රත්ෂ්ඨාපනය වූ මුල් කාලයේ සිටය.

Paddy_cultivationඅස්වනු නෙලාගත් විට බුදුන් වහන්සේට පුදන ලද බිමෙන් ලද බුද්ධ භෝගය ලෙස එම අස්වැන්න සලකා එය සංකේතවත් කිරීමට ප්‍රථම භාගය පිදීම අළුත් සහල් මංගල්‍ය වැනි චාරිත්‍ර විධීන්ගෙන් පිළිබිඹු වේ. උතුරු මැද පලාතේ මෙම චාරිත්‍රය අනුරාධපුර ශ්‍රී මහා බෝධීන් වහන්සේ මුල් කරගෙන ඉටු කරනු ලැබේ. සෙසු පලාත් වල සම සතලිස් බෝධීන්ගෙන් එකක් මුල් කරගෙන පිදුම් කිරීම හෝ යටත් පිරිසයින් ගමේ පන්සලේ බෝධිය හෝ විහාර මුල් කරගෙන සිදු කිරීම හෝ අතීතයේ සිට පැවැත එන සිරිතකි.

නව අස්වැන්නෙන් කෙරෙන මෙම දාන මංගල්‍ය රජ දවසේ සිටම පැවත එන චිරාගත සම්ප්‍රදායන් මූර්තිමත් කරමින් සිදු කිරීමට නුවර කලාවියේ අපේ ගොවි ඇත්තෝ අදද සැදී පැහැදී සිටිති. මහ කන්නියේ වගා කල කුඹුරු වල ගොයම් පැසෙනුයේ දුරුත්තේ අගදීය. ඒවා කලා ගන්නේ නවම් මහේදීය. තම කුඹුරෙන් කපා ගන්නා ගොයම් මහප්පිඩි දෙක තුනක් කුඹුරේම තනා ගන්නා මැස්සක් මත තැන්පත් කරයි. නවම් මස හා මැදින් මස අතර යෙදෙන පුර පසලොස්වක පෝ දාක හෝ ඊට ආසන්න දිනක එම උප්පිඩි වල වී සහල් කර අළුත් සහල් මංගල්‍යයට සූදානම් කරති. තවත් සමහර පලාත් වල මෙම වී ප්‍රමාණ ලබාගන්නේ ගොයම් කමතට ඇද (ගොයම් කෙළය ගැසීමට) එහි දී මාගල් මත වැටෙන බැත වලින්ය.

මෑතක සිට අළුත් සහල් මංගල්‍ය ජය ශ්‍රී මහ බෝ සමිදු අභියස සිදු කරන්නේ බක් මාසයේ පළමු සතිය තුලදීය. මේ අනුව මැදින් මස අත භාගයේ දී  මෙම මංගල්‍යයට සූදානම් වීම් වස් මහ බෝ සමිදු අභියස වැලි මළුවේ පිරිත් මණ්ඩපයක් තැනීමත් ඊට ඇවැසි සියළුම කාර්යයන් සපුරාලීමත් සිදුකරන අතර අළුත් සහල් බහාලන සුවිසල් පාත්‍රය සදුන් කිරි පැනියෙන් නහවා සැරසිලි වලින් අලංකාර කර බෝ හිමි සමීපයේ උඩු වියන් යට පා වියන මත වඩා හිදුවයි. එසේ කරනුයේ ඊට සම්ප්‍රදායානු කූල වත් පිළිවෙත් නොමදව කරමින් අටමස්ථානාධිපතීන් වහන්සේ ගේ අනුශාසනා මත මහා සංඝරත්නයේ කීප නමක් විසින් ය. ඒ අවස්ථාවේ සුවිශේෂ ශබ්ද පූජාවක් හෝරාවක් පමණ පැවැත්වීම එදා මෙදා තුර චාරිත්‍ර ධර්මයකි.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s