දුටුගැමුණු රජතුමා

dhutugemunu-joomlaශ්‍රී ලංකා ඉතිහාසයෙහි බෞද්ධයින්ගේ පළමුවෙනි වීරයා දුටුගැමුණු රජතුමා ය (ක්‍රි.පු 161-137). ඔහු බලෙන් රජ රටත් සිංහාසනයත් අල්ලා ගෙන අවුරුදු දහනවයක් තරම් කාලයක් රජ කළ එළාර සමග සටන් කොට එළාර ප්‍රධාන සතුරු දෙමළුන් පරාජය කොට යලි රජරට හා සිංහාසනය නිදහස් කරගෙන රට ආර්ථික වශයෙන් දියුණු කරමින් බුද්ධශාසනයේ විශාල සේවයක් කළේ ය. ශ්‍රී ලංකාවේ පාලකයන්ට දේශපාලනමය වශයෙන් දුටු ගැමුණු පරමාදර්ශය විය. ඒ නිසා ගතවු අවුරුදු දෙදහස් එකිසිය පනහක පමන කාලය තුල දුටුගැමුණු ප්‍රතිබිම්බය ද ඉස්මතු වි තිබේ. රාජ්‍ය බලය අල්ලා ගන්නා බො‍හෝ දෙනාගේ අරමුණ තමන් හා තම පවුල සැපයෙන් හා බලයෙන් තෘප්තිමත් කිරීමයි.

දුටුගැමුණු රජුට ඒ අරමුණ තිබුණේ නැත. ඔහු කියා සිටියේ තමන්ගේ ව්‍යායාමය (උත්සාහය) රජ සැප පිණිස නොව හුදෙක් බුද්ධ ශාසනයෙහි චිරස්ථිතිය සදහා ය යන්නයි.  එය වෙනත් ලෙසකින් කියනවා නම් දුටු ගැමුණු එකල මෙරට බෞද්ධ සමාජයේ ආරක්ෂාව හා වර්ධනයත් දිගු කලක් පැවැත්මක් සදහා ජීවිතය කැප කොට ක්‍රීයා කර අරමුන සාක්ෂාත් කරගත් වීරයා ය. ඔහු කළේ සමාජ අයිතිවාසිකම් දිනා ගැනිමයි. එළාර අන්සතු සිහසුනක් මංකොල්ල කෑ කෙනෙකි. ලෝකයේ ඕනෑම රටක සමාජයක් සතු දේශපාලන බලය ආක්‍රමණිකයෙකු විසින් අල්ලාගත් විට එම ආක්‍රමණිකයා පලවා හැර හෝ විනාශ කොට එය ඒ සමාජයට යළි අත්පත් කර දිම ඒ සමාජය වෙනුවෙන් පෙනි සිටින නායක‍යන්ගේ වගකිමයි. එයයි දුටු ගැමුණුගේ භුමිකාව වූයේ.  දුටුගැමුණු පොරොන්දු ඉටුකළ දේශපාලනඥයෙකි. බුදු සසුන චිරස්ථායී කිරීමට ඔහු ගත් පියවර කීපයකි. පලමු වැන්න රාජ්‍යය සතුරන්ගෙන් නිදහස් කර ගැනීමයි. මුළු දිවයිනම යළිත් එකම පාලකයකු යටතට පත් කළේ ය. එමඟින් ඔහු ස්වාධිනත්වය, භෞමික අඛණ්ඩතාව යථාතත්වයට පත් කළේ ය. දෙවනුව රටේ ආර්ථික සංවර්ධනය, සදාචාර වර්ධනයත් බුදු සසුනේ දියුණුවත් සඳහා ජීවිතාන්තය දක්වා ක්‍රීයා ‍කෙළේය. නව මහළකින් යුත් ලෝවාමහාපාය සුවිසල් ප්‍රාසාදයකි. එවැනි ගොඩනැගිල්ලක් ඊට පෙර හෝ පසු වෙනත් කිසිවෙකු විසින් තනා ඇති බවට වාර්තා වී නැත. ඔහුගේ මිරිසවැටි ස්තුපය රියන් 80 ක් (අඩි 160) උස විය. රුවැන්වැලි සෑය රියන් 120 ක් (අඩි 240 ) උස විය. රුවැන්වැලි සෑය තරම් විශාල ස්තුපයක් ඊට පෙර මේ දිවයිනේ නිර්මාණය කර නැත.  යුද්ධයකට පසු දුටුගැමුණු රජු සුවිශාල ගොඩනැගිලි කරවිම නිසා එකල සිටි ජනතාව පිඩනයට ලක් වන්නට ඇතැයි කෙනෙකුට සිතෙන්නට ඉඩ තිබේ. රුවැන්වැලි සෑය තැනිමේ දි කිසිවෙකුගෙන්වත් නොමිලේ සේවය ලබා නොගත යුතු බවට රජු නියමයක් කලේ යුද්ධයෙන් පීඩාවට පත් ව සිටි ජනතාවට එයින් කරදරයක් වීම වැළැක්වීමට ය. රජු එසේ කළේ ඔහුට මානව දයාවක් තිබුණ නිසයි. මේ ප්‍රතිපත්තිය අතින් ගොඩනැගිලි තැනීමේ දී ද රජු ක්‍රීයාත්මක කරන්නට ඇතැයි සිතිය හැකිය.  දුටුගැමුණු රජතුමා තරම් ජන හද දිනු වෙනත් පාලකයෙක් නොවිය. ඔහු එඩිතර විය. දුරදක්නා නුවණින් යුක්ත විය. බුදු දහම ගැන දැනුම හා එය කෙරෙහි දැඩි ආදරයක් ඔහුට විය.

03පිංකම් කිරීම ඔහුගේ වැඩසටහනේ ප්‍රමුඛ තැන විය.  යුද්ධයේ දී මැරුණ සෙබළුන් ගැන ඔහු පසුතැවිලි විය. යුද්ධය පාපකාරී ක්‍රීයාවක් බව ඔහු දැන සිටියේ ය. එහෙත් රටේ ස්වාධිනත්වය, සමාජයේ ආරක්ෂාව සැළසීම ඔහු සතු වගකීම විය. එය පුද්ගලික ලාභය සඳහා නොව සමාජය සඳහා වුවක් බැවින් යුද කොට සතුරන් විනාශ කරන්නට සිදු විය. එම පාපය වැසී යන තරමට ඔහු පුණ්‍යකර්මවල නිරත විය. බෝධිසත්වරුන් පවා ආක්‍රමණිකයන්ගෙන් රට ආරක්ෂා කරගැනිමට යුද මෙහෙයවා තිබේ. උම්මග්ග ජාතකයේ මහෞෂධ පඬිතුමාගේ භුමිකාව එවැන්නකි. ඒ අනුව පවා හිත හදා ගැනිමට දුටුගැමුණු රජු උත්සාහ නොකළේ බුදුන් වහන්සේ යුද්ධය පාපකාරී ක්‍රීයාවක් ලෙස දක්වා තිබෙන නිසාය. ථුපවංසයට අනුව පුවඟු දිවයිනෙන් (පුන්කුඩුතිව්) පැමිණි රහතන් වහන්සේ නමක් රජුගේ හිත සැදිමට සාර්ථක උත්සාහයක් දැරීය. උන්වහන්සේ කියා සිටියේ දුටුගැමුණු රජු ඒකාසංඛ්‍යකල්ප ලක්ෂයක් පාරමි පිරුවකු නිසාත් මතු බුදුවන මෛත්‍රීය බුදුන් වහන්සේගේ දකුණත් සව් වන නිසාත් පාපයට විපාක දිමට ඉඩ නොලැබෙන බවයි.  මෙරට ජනතාවට අවශ්‍යව තිබුණේ දුටුගැමුණු රජු අපායට යැවීමට නොව දෙව් ලොව යැවීමටය. මහාවංශසයේ ඇතැම් රජුන් ඔවුන් කළ වැරදි වැඩ නිසා මරණින් පසු අපායට ගිය බව සඳහන් වෙයි. දුටුගැමුණු රජු අභාවප්‍රාප්ත වන මොහොතේ එතුමා කළ පිංකම් වාර්තාව (පිං පොත) කියවන ලදී.

7 එයට අවධානය යොමුකර සිටිය දී මරණය සිදු විය. එනිසා එතුමාට දෙව් ලොව යාමට එයින් ඉඩ සැළසෙන්නට ඇතැයි සිතිය හැකිය. එම උපකල්පනය ඇතිව ථුපවංශ කතුවරයා දුටුගැමුණු රජු මරණින් පසු තුසිත දෙව් ලොව උපන් බව සඳහන් කරයි. එතුමාට දිව්‍ය ලෝක හයෙන්ම ආරාධනා ලැබුණ බව ද ඔහු වැඩිදුරටත් කියයි.  දුටුගැමුණු රජු මෛත්‍රීය බුදුන්වහන්සේගේ දකුණත් සව් වන අතර සද්ධාතිස්ස වමත් සව් වන්නේය. දුටුගැමුණු රජුගේ මව වන විහාරමහාදේවියත් පියා වන කාවන්තිස්ස රජතුමාත් මෛත්‍රීය බුදුන් වහන්සේගේ මව හා පියා වන්නාහ. දුටුගැමුණු රජුගේ පුත් සාලිය කුමරු බුද්ධත්වය ලබන්නට පෙර මෛත්‍රීය කුමාරයාගේ පුත්‍රයා වන්නේය. මෙබඳු අනාගත ප්‍රකාශයකින් අපේක්ෂා කරන ලද්දේ දුටුගැමුණු රජු නිසා එම රජ පවුලම මෛත්‍රීය බුදුන් වහන්සේට සම්බන්ධ කිරීමෙන් යළිත් වරක් මෙරට බෞද්ධ ජනතාවට වාසියක් අත්පත්කර දිමට දුටුගැමුණු රජ පවුලට, අවස්ථාව සැළසීමයි. මෙරට බෞද්ධයින්ගේ පැතුම වී තිබෙන්නේ මෙතේ බුදුන් දැක නිවන් දැකිමයි. එම අවස්ථාවේ දී දුටුගැමුණු රජ පවුල ඒ මෙතේ බුදුන් වහන්සේට සම්බන්ධ වී සිටිමෙන් ශ්‍රී ලාංකික බෞද්ධයින්ට සිය අභිමතාර්ථය සපුරා ගැනීමට පහසු වේ යයි සිතු බව පෙනී යයි. තමන්ට දේශපාලන විමුක්තිය ලබා දුන් දුටුගැමුණු රජුගේ සම්බන්ධය සංසාර විමුක්තිය ලබන අවස්ථාවේදීත් ලබා ගැනීමේ අපේක්ෂාවක් මෙහි ඇති බව පෙනේ. මේ තත්වය යටතේ දුටුගැමුණු රජු ශ්‍රී ලංකාවේ බෞද්ධයන්ගේ අසාමාන්‍ය වීරයා බවට පත්වී සිටි.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s