මුරගල

muragalaසිංහලයාගේ විශිෂ්ඨ කලා හැකියාව ලෝකයට පෙන්වන තවත් කලා නිර්මාණයකි “මුරගල”. මුරගල පිහිටුවීමේ මූලිකම අරමුණ ගොඩනැගිලි දොරටුවලට අංගසම්පූර්ණත්වයක් සහ සුන්දරත්වයක් එක් කිරීමයි.

අපගේ ජාතික උරුමයන් විශ්ලේෂණය කරමින් අපේ මුතුන් මිත්තන්ගේ කතාව සොයා බැලූ කීර්තිමත් පුරාවිද්‍යාඥයෙකු වූ චාල්ස් ගොඩකුඹුර මහතා මුරගල පිළිබද අදහස් රැසක් දක්වයි. ගොඩනැගිලි දොරටුවල ඇති කොරවක්ගල ඉදිරියට ලිස්සා ඒම වැලැක්වීමට ඉදිරියෙන් සවිකරන ලද කුඤ්ඤගල මුරගල වශයෙන් හැදින් වූ බව ඒ මහතා අවධාරණය කරයි. තිරියාය ලෙසින් හැදින්වෙන පැරණි නිතුපත් පාන ගල් වැටියකින්ද, රාජාංගනය හත්ථිකුච්චි විහාරයේ වටදාගෙයින්ද, අනුරාධපුර වෙස්සගිරියෙන්ද, තම මතය සනාථ කිරීමට ඒ මහතා සාක්ෂි ගෙන පෙන්වයි.

මුරගලෙහි වර්ධනය පියවර හයකින් පමණ සිදු වී ඇත. මුරගලේ ආරම්භක අවදිය, මුදුනේ දෙකොන් හැඩ ගන්වන ලද දිග හතරැස් ගල් පුවරුවක් ලෙස විය.

මේවා සහිත ගොඩනැගිලි කාලය අතින් වඩාත් පැරණි ඒවාය. එම ගොඩනැගිලි දොරටුවල ඇති කොරවක් ගල්, පාටිකා හෝ කැටයම් රහිත සදකඩපහන් හා කැටයම් රහිත ගල් පඩිද හමුවෙයි.

මුරගලේ විකාශනයේ දෙවන පියවර වන්නේ මුදුනේ ගැටයක් සහිත මුරගල්ය. මුරගලේ සුන්දරත්වයක් ඇති කිරීමට මෙය නිර්මාණය කර ඇතැයි සිතයි හැකිය. නමුත් මෙවැනි මුරගල් සහිත ගොඩනැගිලි දොරටුවල ඇති කොරවක් ගල් හෝ සදකඩපහණ අලංකාර මෝසතරවලින් තොරය.

මුරගලට පුන්කලස එකතුවන්නේ එහි විකාශනයේ තුන්වැනි අවස්ථාවේදීයි. සෞභාග්‍යය, සශ්‍රීකත්වය සහ ජයග්‍රහණය සංකේතවත් කරන පුන්කලස අපේ රටේ මංගල වස්තුවකි. එසේම එය ගොඩනැගිලිවලට අලංකාරය ගෙන දෙන්නකි. ගොඩනැගිලි දොරටුවට පැමිණෙන තැනැත්තන් ප්‍රබෝධමත් කිරීමේ අරමුණින් පුන්කලස මුරගලට යොදන්නට ඇතැයි සිතිය හැකිය. පුන්කලස සහිත මුරගල් ඇති ගොඩනැගිලි දොරටුවල තිබෙන කොරවක්ගල්වලට සහ සදකඩ පහණටද අලංකාර මෝස්තර එක්වී තිබේ. රැස් වෙහෙර  විහාරයේ සන්නිපාත ශාලාවට නැගෙනහිර පැත්තෙන් පිවිසෙන ප්‍රාකාර දොරටුවේ කල්ප වෘක්ෂය හා පුන්කලස සහිත මුරගල් යොදා ඇත. පුන්කලස බැහැරකොට වාමන රූප යොදන මුරගල් හමුවන්නේ මුරගලේ සිව්වන පියවරේදීය.

මුරගල සංකීර්ණත්වයට පත්වූයේ එහි පස්වැනි පියවරේදීය. ශංඛ සහ පද්ම රූප වෙනුවට සතරවරම් දෙවිවරුන්ගේ රූප එහිදී යොදා ගැණිනි. ධෘතරාෂ්ට්‍ර, විරූඪ, විරූපාක්ෂ සහ වෛශ්‍රවණ හෙවත් කුවේර සතරවරම් දෙවිවරුය. මොවුහු බෞද්ධ ආරක්ෂක මහා රාජාවරු ලෙසද හැදින්වේ. මේ දෙවිවරු මෙරටට හදුන්වා දෙනු ලැබුවේ බුදු දහමත් සමගය. එතැන් පටන් බෞද්ධ පූජනීය ගොඩනැගිලිවලත් විශේෂයෙන් ස්ථූපවල ධාතු ගර්භයන්හි හා වාහල්කඩ දෙපස සතර පැත්තේ ආරක්ෂකයන් වශයෙන් මේ රූප තැන්පත් කර තිබේ. පූජනීය ගොඩනැගිලිවල දොරටුවල මුරගල්වලටද මෙම රූප එකතු වූයේ ඉන් පසුවය.

නූතන ලේඛකයන් මේ රූප නාග රාජයන් ලෙස හදුන්වා දී ඇත. මේ රූපවල හිස වටා නාග පෙරණ දක්වා තිබීම එසේ හැදින්වීමට හේතුවයි. ධෘතරාෂ්ට්‍ර, විරූඪ සහ විරූපාක්ෂ තිදෙනා නාග ප්‍රභවයක් ඇති දිසා පාලක මහා රාජාවරු වෙති. එහිදී මානවරූපී දේවරූප යොදන්නට පළමු නාගරූප යෙදූ බව සිතිය හැකිය.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s