ශ්‍රි මහා බෝධිය

02උතුරු ඉන්දියාවේ උරුවෙල් ජනපදයේ ගයා නම් ස්ථානයේ පිහිටා තිබු ඇසතු නම් වෘක්ෂය යටදී සිද්ධාර්ථ තාපසතුමාණෝ ක්‍රි.පූ 588 වන වර්ෂයේ වෙසක් මස (මැයි මස) පුර පසළොස්වක දිනයේ බුද්ධත්වයට පත් විය. බුද්ධත්වයට පත් වු පසු එම ඇසතු වෘක්ෂය ඉන්පසු බෝධි වෘක්ෂය (බෝ ගස) ලෙස හැඳින්විය. මිහිඳු මා හිමියෝ බුදුන්ගේ නිර්මල වූ දහම් පණිවිඩය ද රැගෙන ‍ලක්දිවට වැඩම කළේ ක්‍රි. පූ. 250 දී ය. මහත් ගෞරව පූර්වකව එය පිළිගත් දෙවන පෑතිස් රජතුමා ඒ සඳහා දිය හැකි සියලු අනුග්‍රහයන් ලබා දුන්නේය. ඉන් පසු රජු මෙහෙණි සස්න සඳහා සංඝමිත්තා තෙරණියන් එවන සේ අශෝක අධිරාජ්‍යයා වෙත හසුන් පත් යැවුවේ මිහිඳු හිමියන්ගේ ඉල්ලීම පරිදිය.  ඒ අසා ප්‍රසාදයට පත් වූ අශෝක රජතෙමේ තම දියණිය වූ සංඝමිත්තා තෙරණිය පමණක් නොව, බුද්ධගයාවේ බුදුන් වහන්සේ බුද්ධත්වය ලද ස්ථානයෙහි මහා බෝධියෙන් ලබා ගත් දක්ෂිණ ශාඛාව ද එවීමට තරම් කාරුණික වූයේය. බෝධි අංකුර සමග විවිධ සමාජ ශ්‍රේණීන්ට අයත් වූ ශිල්පීන් රැසක් ද අශෝක රජු විසින් එවන ලද බව සඳහන්ය. තාමුලිප්ත තොටින් නැව් නැඟි පිරිවර ලක්දිව දඹකොළ පටුනින් ‍ගොඩබසිනු ලැබ දෙවනපෑතිස් රජතුමා විසින් මහත් ගෞරව පූර්වකව පිළිගන්නා ලදී. ඒ අනුව මහ පෙරහරින් වඩමවා ගෙන එනු ලැබූ බෝධි ශාඛාව වර්තමාන මහා මේඝ වනයෙහි ක්‍රි.පූ. 249 දී දෙවන පෑතිස් රජු විසින් රෝපනය කරන ලදී.  බෝධීන් වහන්සේ තැන්පත් කොට ඇති වේදිකාවේ උස අඩි 21කි. දිග අඩි 71කි. පළල අඩි 57කි. වේදිකාව මාලක 3කින් සමන්විත වන අතර පොළොව මට්ටමේ පිහිටි පළමු මාලකය වැලි මළුව නම් වේ.

180px-Jaya_Sri_maha_Bodhiඑහි පරිවාර බෝධීන් 41ක් හිඳුවා ඇති අතර මේවායින් තුනක් උඩ මළුවේ ද ඉතිරිවා ඊට පහළ මළුවේ ද ඇත. ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආරක්ෂාව සඳහා මෙම පරිවාර බෝධීන් රෝපණය කල බව පිලිගත හැකිය.  ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දියුණුව ද, රැකවරණය ද සඳහා  එකල රජවරුන්ගෙන් ලැබුන දායකත්වය අති විශාලය. දෙවන පෑතිස් රජු බෝධිඝරයක් කරවූයේ ආරක්ෂාව තහවුරු කරනු පිණිසය. ධාතුසේන රජු බෝධි අංගනය වටා තිබු ද්වාර සතරක් සහිත පවුර පිළිසකර කර වූයේය. බෝධිඝරයේ පියස්ස උළුවලින් ආවරණය කළේ මේඝවර්ණ රජුය. මහානාග රජු ඒ තුල පිළිම තැන්පත් කළ අතර දෙවෙනි සේන රජු එය ඉදිරිපිට විහාරස්ථානයක් ඉදිකල බව සඳහන්ය.  බෝධි විහාරය ගොඩනගන ලද්දේ වසභ රජු විසිනි. ජෙට්ඨතිස්ස රජු එයට පිවිසුම් දොරටුව සවි කිරීමට කටයුතු කළ අතර වෝහාරික තිස්ස රජු ද මහාසේන රජු ද ලෝකඩ ප්‍රතිමා තැන්පත් කොට ඇත. පළමුවන අග්‍රබෝධි රජුගේ විශිෂ්ට කාර්යයක් වූයේ විහාරය අබියස සලපතළ මළුවක් ඉදි කිරීමය.  වර්තමානයේ බෝධිය වටා ශෛලමය ප්‍රාකාරයකි. එහි නිර්මාතෘවරයා කීර්ති ශ්‍රී රාජසිංහ රජුය. බෝධි ප්‍රාකාරය එක් පැත්තකින් අඩි 330ක් දිගය. අනික් පැත්තෙන් අඩි 274 ක් වන අතර උස අඩි 10කි.  කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ කාලයේ සැදැහැවත් බෞද්ධයින්ගේ සිත් රිදවන දෙයක් විය. ඒ අනුරාධපුරය වල් බිහි වී සතුන්ගේ රජ දහනක් වීමය. පසුබා නොගිය බෞද්ධයෝ නිඳිමරා ගිනිමැල දල්වමින් බෝධිය ආරක්ෂා කළහ. මේ සඳහා බොහෝ දර අවශ්‍ය විය. ඔවුහු වර්ෂයකට සෑහෙන තරමට දර රැස්කර ගැනීම සඳහා දිනයක් වෙන්කර ගත්හ. කල් යෑමේදී එම දිනය “දරමිටි පෝය” ලෙසින් ද එම ක්‍රියාව දරමිටි පෙරහැර ලෙසින් ද හඳුන්වන්නට විය.  බෝධිය නැහැවීම පිණිස තිසා වැවෙන් ජලය ගෙන ඒම ද පැරණි චාරිත්‍ර විධියකි. එකල බෝධීන් වහන්සේ හා බැඳුණු අවුරුදු පතා පැවැත් වූ පුජෝත්සව සතරකි. ඒවා මෙසේය.

1.අලුත් අවුරුදු මංගල්‍යය

2.පරණ අවුරුදු නානුමුර මංගල්‍යය

3.කාර්තික මංගල්‍යය

4.අලුත් සහල් මංගල්‍යය

සංඝමිත්තා මෙහෙණින් වහන්සේ ජම්බුද්වීපයේ සිට ශ්‍රී මහාබෝධි අංකුරය වැඩමවා ගෙන ආවේ උඳුවප් පුර පසළොස්වක පොහොය දින බැවින් එම පොහොය දින අනුරාධපුරයට ඉතා සුවිශේෂ දිනයකි. ලොව පැරණිම ආගමික වෘත්තීන්ගෙන් එකක් සේ සැලකෙනුයේ  ශ්‍රී මහා බෝධින් වහන්සේ ආරක්ෂා කිරීමයි. ඒ සඳහා වූ විශේෂ ආරක්ෂකයෝ ඔවුන්ට පාරම්පරිකව උරුම වූ ඒ අසල ඇති ගම්වල ජීවත් වෙති. ශ්‍රී මහා බෝධින් වහන්සේ යනු ලොව ඇති පැරණිතම වෘක්ෂයන් අතුරෙන් එකකි. 2008 වන විට මෙයට අවුරුදු 2550 ඉක්මවා ඇත.

සිද්ධාර්ථ ගෞතම තවුසණාන් බුද්ධත්වය ලැබුවේ උතුරු ඉන්දියාවේ බුද්ධගයාවේ බෝමැඩ එක් ඇසතු වෘක්ෂයක් යටදීය. බුද්ධත්වයෙන් පළමු හා දෙවන සති ගති කළේද එම ඇසතු ගස ළඟය. මේ නිසා එම ඇසතු ගස ‘බෝධි’ යන අළුත් නමකින් ප්‍රසිද්ධ විය. බුද්ධත්වය ලැබීමට ආධාර වූ වෘක්ෂය නිසා එය බෞද්ධයන්ගේ පාරිභෝගික චේතියක් බවට පත් විය. ඇත්ත වශයෙන් ම එහි අර්ථයට අනුව එය බෞද්ධයන්ගේ ඥාන වෘක්ෂයයි. බෝධි යන්නෙන් සතර මාර්ගඥානය අදහස් වන බව අටුවාවල සඳහන් වෙයි.  සිද්ධාර්ථ ගෞතම තවුසණාන් බුද්ධත්වය ලැබුවේ උතුරු ඉන්දියාවේ බුද්ධගයාවේ බෝමැඩ එක් ඇසතු වෘක්ෂයක් යටදීය. බුද්ධත්වයෙන් පළමු හා දෙවන සති ගති කළේද එම ඇසතු ගස ළඟය. මේ නිසා එම ඇසතු ගස බෝධි යන අළුත් නමකින් ප්‍රසිද්ධ විය. බුද්ධත්වය ලැබීමට ආධාර වූ වෘක්ෂය නිසා එය බෞද්ධයන්ගේ පාරිභෝගික චේතියක් බවට පත් විය. ඇත්ත වශයෙන් ම එහි අර්ථයට අනුව එය බෞද්ධයන්ගේ ඥාන වෘක්ෂයයි. බෝධි යන්නෙන් සතර මාර්ගඥානය අදහස් වන බව අටුවාවල සඳහන් වෙයි.  ඉන්දියාවේ අස්වත්ථ වෘක්ෂය මොහෙන්ජොදාරෝ හා හරප්පා යුගවල සිට වේදිකා යුගය හරහා දිගටම පුජනීය වෘක්ෂයක් විය. දෙවියන් හෙවත් දේව බලය ඇති වෘක්ෂයකි එය. හින්දූන් එය ක්‍රිෂ්ණට හා විෂ්ණුට සම්බන්ධ කර තිබේ. එම අදහස් පසුකාලින බෞද්ධයින් විසින් පිළිගෙන ඇති බව පෙනී යයි. අනුරාධපුර ශ්‍රී මහා බෝධියට අධිගෘහිතව සිටින්නේ කළුදේවතා බණ්ඩාර යන දේශිය නමින් හැඳින්වෙන විෂ්ණු යයි අදහනු ලැබේ. බෙල්ලන්විල රජමහා විහාරයේ බෝධියට අධිගෘහිත විෂ්ණු බව ඉතා ප්‍රසිද්ධ ය.  අනුරාධපුර මහමෙව්නා උයනේ දැනට උඩ මළුව නමින් හැඳින්වෙන ස්ථානයේ ඇති පෞරාණික බෝධින් වහන්සේ (1) ඉන්දියාවේ බුද්ධගයාවේ බෝමැඩ මුල් ශ්‍රී මහා බෝධින් වහන්සේගේ දක්ෂිණ ශාඛාවයි. එය ශ්‍රී ලංකාවට ගෙනාවේ කි.පු 3 වෙනි ශතවර්ෂයේ දි මිහිඳු හිමියන්ගේ සහෝදරිය වූ සංඝමිත්තා මෙහෙණින් වහන්සේ ප්‍රධාන භික්ෂුණින් විසිනි. එය එසේ ශ්‍රී ලංකාවට එවීමට මිහිඳු හිමිගේ හා සංඝමිත්තා තෙරණියගේ පියා වු ධර්මාශෝක අධිරාජයා වැඩියෙන්ම ආදරය හා ගෞරවය දැක්වු වස්තුව ශ්‍රී මහා බෝධිය වු අතර එහි දක්ෂිණ ශාඛාව ශ්‍රී ලංකාවට එවීමෙන් ශ්‍රී ලංකාව කෙරෙහිත් එහි බුදු දහම ව්‍යාප්ත කිරීමට ක්‍රියා කළ තම පුතා හා දියණිය කෙරෙහිත් දැක්වු සැළකිල්ල නිසා නොවන්නට එම බෝධි ශාඛාව මෙරටට නොලැබෙන්නට ඉඩ තිබුණි.  අනුරාධපුර ශ්‍රී මහා බෝධිය පිහිටි භුමිය බුදුන් වහන්සේගේ පාදස්පර්ශයෙන් පුජනීයත්වයට පත් වුවක් බව මහාවංසයේ සඳහන් වෙයි. මේ හේතුව නිසා එම ස්ථානය ශ්‍රී මහා බෝධිය සඳහා සුදුසු බව තීරණය කළේ මිහිඳු හිමියන් විසිනි.  ඉතිහාසඥයින් විසින් ගණන් බලා ඇති අන්දමට අනුරාධපුර ශ්‍රී මහා බෝධිය රෝපණය කරන ලද්දේ ක්‍රි.පූ. 246 දිය. මෙම දිනය ක්‍රි.පු. 307 ට ආසන්න දිනයක් වීමට හොඳටම ඉඩ තිබේ. මිහිඳු හිමියන්ගේ පැමිණිමට මාස හතරකට පසුව සංඝමිත්තා තෙරණිය ‍බෝධි ශාඛාව රැගෙන ආවාය.  මහමෙව්නා උයනේ බෝධි රෝපණය විශාල ජනකායක් මධ්‍යයේ සිදු විය. එම උත්සවයට ඈත ප්‍රදේශවලින් ද ජනයා පැමිණි බව වාර්තා වෙයි. රුහුණේ කතරගම හා සඳුන්ගම ක්‍ෂ්ත්‍රියන්ගේ පැමිණිම ද සඳහන් වෙයි. ඔවුන් බුදුන් වහන්සේගේ ඥාතිවරුන් ලෙස සැළකිය හැකිය. එසේ නොවන්නට එතරම් දුර බැහැර සිට අනුරාධපුරයේ පැවැති බෝධි රෝපණ උත්සවයට යාමට හේතුවක් නැත.  අනුරාධපුර ශ්‍රී මහා බෝධිය උස්බිමක රෝපණය කර එය වටා පනා බැමි සතරක් ද උඩට නැගිමට පියගැට පෙළක් ද පසුව බෝධිය වටා පවුරක් හෝ වැටක් ද කරවූ බව සඳහන් වෙයි.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s