ශාක පෝෂණය

ශාක පෝෂණය

බෝගවල වර්ධනය කෙරෙහි බලපාන සාධක අතර ශාක පෝෂක ප්‍රධාන තැනක් ගනී. පරිසර‍යෙන් ලබා ගන්නා අකාබනික ද්‍රව්‍ය ජෛව සංස්ලේෂණයට භාජනයකර කාබනික ද්‍රව්‍ය නිපදවීම ශාක තුල සිදු කරයි. උදාහරණයක් ලෙස කාබන්, හයිඩ්‍රජන් හා ඔක්සිජන් ඇසුරෙන් කාබනික ද්‍රව්‍යක් වූ කාබෝහයිඩ්‍රේටි නිපදවීම සිදු වේ. මෙලෙස නිපදවන කාබනික ද්‍රව්‍යය බෝග අස්වැන්නක් ලෙස අපි නෙලා ගනිමු. මේ ආකාරයට අකාබනික ද්‍රව්‍ය භාවිතයෙන්, කාබනික ද්‍රව්‍ය නිපදවීමේ ක්‍රියාවලියට අවශ්‍ය මූල ද්‍රව්‍ය හෙවත් අත්‍යාවශ්‍ය පෝෂක ශාක විසින් අවට පරිසරයෙන් ලබාගනී.

බෝග වර්ධනය සඳහා අවශ්‍ය මූලද්‍රව්‍ය

ශාකයට අවශ්‍ය ප්‍රමාණය අනුව මෙසේ කාණ්ඩ දෙකකට බෙදනු ලැබේ.

අත්‍යාවශ්‍ය ශාක පෝෂක

අත්‍යාවශ්‍ය පෝෂක ශාක පෝෂණයේදී වැදගත් වන අයුරු.

  • අත්‍යාවශ්‍ය පෝෂක රහිතව, ශාකයට සාමන්‍ය ලෙස වැඩි එහි ජීවන චක්‍රය සම්පූර්ණ කළ නොහැකිය.
  • ඒවා ශාකයෙහි විශේෂිත වූ කාර්යයන් ඉටු කරයි. වෙනත් මූලද්‍රව්‍යක් මඟින් විස්ථාපනය කළ නොහැක.
  • ඒවා නොලැබෙන්නේ නම් ඌනතා ලක්ෂණ පෙන්නුම් කරමින් වර්ධනය අඩාල වේ.

other_1_778577

පැලෑටි වර්ධනයට අත්‍යාවශ්‍ය පෝෂක වර්ග 17 ක් ඇත. අත්‍යාවශ්‍ය පෝෂක ද්‍රව්‍ය ස්වභාවයෙන් අකාබනික වේ. අත්‍යාවශ්‍ය පෝෂක ආකාර කිහිපයකට වර්ගීකරණය කරඇති අතර මහා පෝෂක 9 ක් හා ක්ෂුද්‍ර පෝෂක 8 ක් ලෙසද වර්ග කළ හැකිය.

මහා පෝෂක

ශාකවලට විශාල ප්‍රමාණ වලින් අවශ්‍ය වේ. කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන්, පොස්පරස්, පොටෑසියම්, කැල්සියම්, මැග්නීසියම් හා සල්ෆර් මේ යටතට අයත් වේ.

ක්ෂුද්‍ර පෝෂක

මේවා ශාකයට ඉතා සුළු ප්‍රමාණවලින් අවශ්‍යය වේ. යකඩ, සින්ක්, මැග්නීසියම්, තඹ, බෝරෝන්, මොලිම්ඩිනම්, ක්ලෝරීන් හා නිකල් ක්ෂුද්‍ර පෝෂක ගනයට වැටේ.

අත්‍යාවශ්‍ය පෝෂක අතුරින් කාබන්, හයිඩ්‍රජන් හා ඔක්සිජන් හැරුනවිට අනෙක් සියළු පෝෂක ප්‍රධාන වශයෙන් මුල් මඟින් පසෙන් අවශෝෂණය කරගනී.

මූලද්‍රව්‍ය
අවශෝෂණය කරන ආකාරය
ප්‍රධාන කාර්යය
අඩංගුවන පොහොර
මහා මූලද්‍රව්‍ය
නයිට්‍රජන් NO-3, NH+4 නයිට්‍රජන් ශාකවල ප්‍රෝටීන හරිතප්‍රද හා වර්ධක හෝමෝනවල සංඝටකයකි. මෙම පෝෂකය පත්‍ර ක්ෂේත්‍රපල වැඩි කිරීම හා වර්ධනය වැඩිවීම ධන්‍ය වර්ගවල පඳුරු දැමීම වැඩිවීම යනාදියට හේතු වේ. යුරියා
ඇමොනියම් සල්පේට්
සෝඩියම් නයිට්ට්‍රේටි
ඇමෝනියම් නයිට්ට්‍රේටි
කොම්පෝස්ට්
ගොවිපල පොහොර
පොටෑසියම් K+ ශාකවල රසායනික ව්‍යුහය කොටසක් ලෙස පොටෑසියම් නොපවතින අතර සෛල යුෂයේ සිදුවන නොයෙකුත් කායික හා ජෛව රසායනික ක්‍රියාවන්ට සම්බන්ධ වේ. කාබෝහට්‍රේට් පරිවෘත්තියේදී මෙන්ම ප්‍රභාසංස්ලේෂණයේදී පොටෑසියම් අවශ්‍ය වේ. ධාන්‍යවල හොඳින් පිරුණු බීජ ඇතිවීමට මෙය හේතු වේ. මියුරියේට් ඔෆ් පොටෑෂ්, පොටෑසියම් සල්ෆේට්
පොස්පරස් H3 PO4 පොස්ෆරස් ශාකය තුල ඇති ‍න්‍යෂ්ටික අම්ලය පොස්පොලිපිඩ හා එන්සයිමවල සංඝටකයකි. සෛල විභාජනයට හා විභාජ පටකවල වර්නයට අවශ්‍ය වේ. සාන්ද්‍ර සුපර් පොස්පේට්, එප්පාවල ‍රොක් පොස්පේට්
කැල්සියම් Ca2+ සෛල බිත්තිවල කැල්සියම් පෙක්ටේට්, කදේ හා මූල අග්‍රස්ථ වර්ධනය, එන්සයිම සක්‍රීය කිරීම, පටලවල ව්‍යුහයට හා පාරගම්‍යතාවයට බලපායි කැල්සියම් නයිට්‍රේට්
මැග්නීසියම් Mg2+ හරිතප්‍රද අණුවේ කොටසකි. පොස්පේට් පරිවෘත්තියේ සමහර එන්සයිම සඳහා සක්‍රීයකය ලෙස ක්‍රියා කරයි. මැග්නීසියම් සල්ෆේට්, ඩොලමයිට්
සල්පර් SO4 2 ප්‍රෝටීන්, එන්සයිම හා එන්සයිමවල ක්‍රියාශීලී කාණ්ඩයකි ජිප්සම්
ක්ෂුද්‍ර මූලද්‍රව්‍ය
යකඩ Fe 2+ හරිතප්‍රද සංස්ලේෂණය සයිටොකෝම් හා සමහර එන්සයිම
ක්ලෝරීන් Cl ආස්‍රැතිය හා ඇනායන කැටායන තුලිතතාවයට, ප්‍රභාසංස්ලේෂණ ක්‍රියාවලිට අවශ්‍යය
කොපර් Cu2+ ප්‍රභාසංස්ලේෂණයට හා ස්වසනයේ උත්ප්‍රේරකයක් ලෙස ක්‍රියා කරයි.
මැංගනීස් Mn2+ සමහර එන්සයිමවල සක්‍රියකයකි. ප්‍රභාසංස්ලේෂණයට අත්‍යාවශ්‍යය
සින්ක් Zn2+ ප්‍රභාසංස්ලේෂණයට අවශ්‍යය සමහර එන්සයිමවල සංඝටකයකි.
මොලිබිඩිනම් MO 3+, MO 4+ නයිට්‍රජන් තිරකිරීමට හා පරිවෘත්තියට අවශ්‍යය.
බෝරෝන් BO 3 3 පටක විභේදනය හා පරාග ප්‍රරෝහණය, සීනි පරිවහනය,  කැල්සියම් අවශෝෂණය හා භාවිතයට බලපායි. පිෂ්ඨ පරිවෘත්තියටද වැදගත් වේ.

වගුව :- ශාකවලට අත්‍යාවශ්‍ය පෝෂක පිළිබඳ ලුහුඩු සටහන

පෝෂක ඌනතාවය

සෑම අත්‍යාවශ්‍ය පෝෂකයක්ම ශාකයේ පැවැත්ම සඳහා වැදගත් කාර්යභාරයක් ඉටුකරයි. අත්‍යාවශ්‍ය මූලද්‍රව්‍යන් පසෙහි අඩංගුවන නමුත් ඒවා ශාකයට අවශ්‍ය ප්‍රමාණයට නොලැබෙන විට ශාක ඌනතා ලක්ෂණ පෙන්වයි. ඌනතා කිහිපයක් එක්වර ඇතිවිටදී ඌනතා එකිනෙක වෙන්කර හඳුනාගැනීම අපහසු වේ.

ඌනතා ලක්ෂණ

01. නයිට්‍රජන්

  • නයිට්‍රජන් ඌන වූ විට වර්ධනය බාල වේ.
  • ශාක ලා කොලපාටට හැරේ. පරිණත පත්‍ර කහ පැහැයට හැරේ.
  • මීට අමතරව බොහෝමයක් ශාකවල හරිතප්‍රද වෙනුවට වෙනත් වර්ණක ඇති වේ. (තක්කාලි ශාකයේ ඇන්තෝසයනින් ඇති වීම නිසා පත්‍ර වෘන්තය හා නාරටි දම් පැහැ වීමට ඉඩ ඇත)

02. පොස්පරස්

  • ශාකයේ වර්ධනය බාල වේ.
  • පත්‍ර උඩුකුරුව පවතී.
  • පරිණත වීමට පෙර පත්‍ර හැලේ.
  • පුෂ්ප හටගැනීම අඩු වේ. පුෂ්පීයකරණය ප්‍රමාද වේ.
  • ඵල හා බීජ ප්‍රමාණය අඩු වේ.
  • පත්‍රවල ලාක්ෂණික තද කොළ පැහැති දුඹුරු හෝ නිල් කළු පැහැයක් දරයි.
  • සෛල විභාජනය දුර්වල වේ.

03. පොටෑසියම්

  • පරිණත පත්‍රවල ඌනතා ලක්ෂණ පළමුව ඇති වේ.
  • පත්‍රවල විචිත්‍ර හරිතක්ෂය ඇති වී පසුව පත්‍ර දාර හා අග්‍රයේ නෙක්රෝසීය ප්‍රදේශ ඇති වේ.
  • අන්තර් පර්ව කෙටි වී වර්ධනය බාල වේ.
  • ශාකවල අග්‍රස්ථ ප්‍රමුඛතාවය ඇති වී ශාකයේ පාදස්ථයෙන් පාර්ශ්වික අංකුර වර්ධනය වී ශාකය පඳුරක් සේ වැඩේ.

04. මැග්නීසියම්

  • පරිණත පත්‍රවල අන්තර් නාරටි හරිතක්ෂය ඇති වේ.
  • මෙය පරිණත පත්‍ර වලටද පැතිරේ.
  • ඇන්තොසයනින් වර්ණක ඇතිවීම නිසා නෙක්රොසීය ලප ඇතිවීමට ඉඩ ඇත.

05. කැල්සියම්

  • ලපටි පටකවල ඌණතා ලක්ෂණ ඇති වේ.
  • ඇඹරී විකෘතිවී ගිය අග්‍රස්ථ ඇති වේ.
  • විභාජක පටක මැරී යයි.
  • ලපටි පත්‍ර දාර දිගේ හරිතක්ෂ ඇති වේ. පත්‍ර අග්‍ර වක්‍ර වී යයි.

06. සල්පර්

  • නයිට්‍රජන් ඌනතා ලක්ෂණවලට සමානකමක් දරයි.
  • ඌනතා ලක්ෂණ පළමුව ලපටි පත්‍රවල ඇති වේ.

07. යකඩ

  • ලපටි පත්‍රවල හරිතප්‍රද නොසෑදීම පොදු ලක්ෂණයක් වේ.
  • අර්ධ වශයෙන් විවෘත වූ ලපටි පත්‍රවල නාරටි අතර හරිතක්ෂය ඇති වේ.

08. මැග්නීසියම්

  • ඌනතා ලක්ෂණ විවිධාකාර වේ.
  • හඳුනාගැනීම අපහසුය.
  • විවිධාකාර හරිතක්ෂ රටා හා නෙක්රෝසිය ලප නාරටි අතර ඇති වේ.

09. තඹ

  • ලපටි පත්‍ර මැලවේ.
  • ශාකවල අග්‍රස්ථය සුදු පැහැති වේ.
  • ඌනතාවය උග්‍ර වූ විට මුළු ශාකයම මැලවේ.

10. සින්ක්

  • නාරටි හරිතක්ෂය ඇති වේ.
  • පරිණත පත්‍රවලද ඇති වේ.
  • පත්‍ර අග්‍ර හා නාරටිවල සුදු පැහැ නෙක්රෝසීය ලප ඇති වේ.
  • අන්තර් පර්ව කෙටිවීම නිසා අතුවල පත්‍ර සෙව්වන්දියක්සේ වැඩේ.

11. බෝරෝන්

  • ප්‍රරෝහ අග්‍රස්ථ මැරේ.
  • පත්‍ර තඹ වැනි වර්ණයක් ගනී.

other_1_880389

12. මොලිබ්ඩිනම්

  • අන්තර් නාරටි විචිත්‍ර හරිතක්ෂයක් ඇති වේ.
  • පත්‍ර මැලවේ.
  • පුෂ්පීකරණය නිශේධනය වේ.

අත්‍යාවශ්‍ය නොවන මූලද්‍රව්‍ය

සමහර මූලද්‍රව්‍ය ශාකයේ විශේෂ කිහිපයක වර්ධනයට උපකාරී වන නමුත් අත්‍යාවශ්‍ය නොවේ. තවද මෙම මූලද්‍රව්‍ය සියළුම ශාකවල දැකිය නොහැකිය. එවැනි මුලද්‍රව්‍ය අත්‍යාවශ්‍ය නොවන මූලද්‍රව්‍ය ලෙස නම් කෙරේ.

අත්‍යාවශ්‍ය නොවන මූලද්‍රව්‍ය ලෙස

  • කොබෝල්ට්
  • සෝඩියම්
  • වැනේඩියම්
  • ගැලයම්
  • සිලිකන්
  • අයඩීන්
  • ඇලුමිනියම්
  • ප්ලුවොරීන්
  • නිකල්

සඳහන් කළ හැකිය.


Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s