මත් උවදුර

මත් උවදුර අද අප රටේ දරුණු ව්‍යසනයක් ලෙස පැතිර යමින් පවති. විශේෂයෙන් මේ උවදුරට වැඩි වශයෙන් ගොදුරු වී ඇත්තේ තරුණ පරපුරය. මෙය ඉතාමත් දරුණු ඛේදවාචයකි.  .තරුණ පරපුරම උවදුරට ගොදුරු විම නිසා ශරීර ශක්තියෙන් හීන වු රොගීන්ගේ තත්ත්වයට පත් වේ. ඔවුන්ගෙන් බිහි වන අනාගත පරපුර ඒ අනුව කෙබදු ද යන්න අපට සිතාගත හැකිය. ශරීර ශක්තියෙන් , බුද්ධියෙන් හීන අනාගත පරපුරක්කොතරම් කල් අපේ රටේ පවතී ද යන්න ගැන සිතන විට සිතට හැගෙන්නේ කනස්සල්ලයකි. ශ්‍රී ලංකාවේ දැනට සිදුවන අපරාධවලට මූලික හේතුවක් වි ඇත්තේ මත් ද්‍රවය භාවිතය යැයි කාගේත් පිළිගැනිම වේ. බුදු දහම මත් පැන් විරෝධීය. මත් පැන් නිසා වන හානිය පංච ශීලයේ පටන් මංගල , පරාභව සූත්‍ර දක්වා විස්තර කොට ඇත.

වර්ථමාන සමාජය දෙස බලන වි‍ට මත් පැන් පානය කරන්නන්ගේ රැකියා ස්ථාන , පවුල් ජීවිතය ආදි  සියල්ලක්ම අවුල් වී ගොස්  ඇත. මත් පැන් පානය ශරිරයට හානිදායක වේ. ශිෂ්ට සම්පන්න සමාජය විශේෂයෙන් මත් පැන් පානය කරන අය පිළිකුල් කරයි. මත් පැන් පානය කරන්නා තුල ලැජ්ජා, බිය දෙක දැකීමට නොමැත. එම නිසා සමාජයද ඔහු විශ්වාස නොකරන තත්ත්වයට පත්ව ඇත. ඔහු සදාචාරාත්මක ගුණ ධර්ම වලින් විද්‍යාමාන නොවේ. මව්පිය සෙනෙහස , දූ දරු සෙනෙහස නොහදුනන විෂම සමාජයක් ඇති වීමට මත් පැනින් විශාල පිටිවහලක් ලැබේ.

වර්ථමානයේ තරුණ පරපුර මෙම ව්‍යසනයට තදින්ම ගොදුරු වී ඇත. එයට වැරදිකාරයෝදෙමාපියන්ය. ඔවුන්ගේ වැරදි ආදර්ශය එයට හෙතු වී ඇති බවක් පෙනේ. නරක මිතුරන් ඇසුරද අද තරුණ පරපුර මත‍ට ඇබ්බැහි වීමට තවත් හේතුවක් වී ඇති බව පෙනේ. වැඩිහිටි තරුණ පරපුර අතර ඇති සබදතාව අද ඈත් වි හෝ පළුදු වී ඇත. අධ්‍යාපනය හදාරන තරුණ තරුණියෝ පාඩම් හිතේ ධාරණය කිරීමට මත් ද්‍රවය, මත් කුඩු, දුම් වැටි ආදිය පාවිච්චි කරයි. මේ පිළිබදව දෙමාපියන්ගේ සැළකිල්ල යොමු විය යුතුව පවති.

රජය මගින්ද මත් පැන් ශාලා නගරයක් පාසා විවෘත කර තිබීම නිසා අද ඕනෑම කෙනෙකුට පහසුවෙන් මත් පැන් මිලදි ගැනීමට හැකියාව පවා දි ඇත . එයද මත් පැන් බීමේ ප්‍රවණතාවය වැඩි වීමට හෙතුවක් වී ඇත. මත් කුඩු , මත් ද්‍රව්‍ය මත් පැන් බීම‍ට අද තරුණයන් පමණක් නොව තරුණියන්ද ඇබ්බැහි වි තිබේ. එපමණක් නොව මත් පැන් අලෙවි කිරිමටද අද කාන්තාවෝ උපයෝගි කරගෙන ති‍ෙබ් . මෙය සැබවින්ම කණගාටුදායක තත්ත්වයකි.  මෙය වළැක්වීම සදහා රජය මගින් හෝ හදිසි ක්‍රියාමාර්ග ගැනිම අවශ්‍ය වේ. සියලුම ආගමික පූජකවරුන් හා රජය එක් පැත්තකින් එකතු වි සියළු දෙනාම දැනුවත් වන ආකාරයේ  යෝග්‍ය වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතුය.

මේ සදහා සමාජ සේවා දෙපාර්තුමේන්තුව වැනි ආයතන මගින්, දැන්වීම් ,අත් පත්‍රිකා , පෝස්ටර්, විශේෂ දේශන හා චිත්‍රපටි මගින් මත්ද්‍රවය භාවිතයේ ඇති ප්‍රතිවිපාක පිළිබද මනා දැනුමක් සමාජයට ලබා දිය යුතු යැයි හැගේ. තවද පාසල් මගින් රචනා තරඟ ,චිත්‍ර තරඟ , කථික තරඟ මගින් පාසල් ළමුන් දැනුවත් කළ හැකි වේ. එමෙන්ම පුනුරුත්තාපන මධ්‍යස්ථාන තුළදි පුනරුත්තාපනය කිරිම කඩිනම් කළ යුතුය.  එවිට මතින් තොර අනාගත තරුණ පරපුරක් ගොඩනැන්විය හැකිය.

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

One Response to මත් උවදුර

  1. wadugebmv says:

    සුභ පතනවා අනාගතයට හොදට ලියන්න

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

w

Connecting to %s