සිත්මල් කැකුළුලට
කදුලක් දීලා
ඔබ රුව අපගේ
මතකයේ තබලා
සිප් නැණ අපගේ
ඔප් නංවාලා
සමුගෙන ගියා ඔබ
අපගෙන් වෙන්වෙලා
මග බැලුවත් ඔබ
පැමිණෙයි සිතලා
සුපුරුදු පරිදිම උදෑසන
නැත ඔබ ආවේ
යලි අප හමුවට
හිත හැඩුවා සිත රිදවලා
ඔබ කල සේවය
පියකුගේ විලසින්
අමතක නොවේය
කිසි දිනක
වෙන්වූ දිනයේ දී
ඔබ නෙත කදුළැලි
සිහි වෙන්නේ සිත පාරමින්…
Advertisements
ඔයාගෙමද මෙි අදහස් ගොඩක් හොදයි
මම සුබ පතනවා