මේක නම් අපූරු වැඩක් නේද….?

මේ පහුගිය නිකිණි පෝය දවසේ මම නිකමට වගේ රූපවාහිනිය බැලුවා. ‍අද සමාජයේ ඉන්න දෙමාපියන්ට වැදත් ලොකු ආදර්ශයක් දෙන කතාවක් ව්කාශනය වුණා. මම හිතුවා මේ කතාව මගේ blog එකට ලිවුටවොත් හොදයි කියලා. කියවලා බලන්න මොකක්ද මේ කතාව කියලා.

ඔන්න එක් ගම්මානයක පුංචි පවුලක් ජීවත් වුණා. මේ පවුලේ ඉන්නේ අම්මයි තාත්තයි ආච්චි පුංචි පුතකුයි .ඉතින් මේ පවුල ටිකක් ධනවත්. මේ දෙමාපියෝ දෙන්නා මේ පුංචි පුතාට උගන්වන්න ගොඩාක් මහන්සි වෙනවා. ඉතින් මේ පුතා ටිකක් මුරන්ඩුයි.ඒ නිසා මේ පුතාට දෙමාපියන් දෙන්නා ආදරය පෙන්නුවේ නෑ. හැම නිතරම පාඩම් කරන්න කියලා වද කරනවා. මේ කතා අහලා මේ පුතාට හරි හිසරදයක්.දෙමාපියන්ටත් එපා වෙලා. ඉතින් කරන්නම දෙයක් නැති හින්දා පුතාගේ කාමරයට පුතාව දාලා පාඩම් කරන්න කියලා දොර ලොක් කරලා දැමිමා. ඉතින් මේ පුතාට ගොඩක් දුකයි. අනිත් ලමයි සෙල්ලම් කරනවා . ‍ඒ මුකුත් මේ පුතාට නෑ. අම්මයි තාත්තයිත් ආදරේ නෑ. හැම නිතරම පාඩම් කරන්න කිය කියා ඉන්නවා. ඒ අය ඕන විදියට රූපවාහිනිය නරඹ නරඹා විනෝද වෙනවා. ඒත් මේ පුංචි පුතාට ආදරය කරන එක්කෙනෙක් හිට්යා. ඒ ආච්චි. මේ පුතා ආච්චිටත් ගොඩක් ආදරේයි. දවසක් මේ පුතා තමන්ට ආදරේ කරන කවුරුවත් නෑ කියලා  කල්පනා කර කර හිට්යා. ඉතින් මේ පුතා කොලයක් අරන් රූප දෙකක් ඇන්දා. එක රූපයක ලස්සන ඇදුම් ඇදගෙන ඉන්න ගැහැනු කෙනකුගේ රූපයක් ඇන්දා. අනිත් රූපයේ ලස්සනට ඇදුම් ඇදගෙන ඉන්න පිරිම් කෙනකු ඇන්දා. ඊට පස්සේ මේ දෙන්නගේ රූප වල‍ට දළ දාලා, දත් දික් කරලා චිත්‍රය අවලස්සන කරා. ඉතින් මේ පුංච් පුතා ඇදපු මේ චිත්‍රය ආච්චි දැක්කා. පුතාගෙන් විස්තර ඇහුවා. මේ ච්ත්‍රයේ ඉන්නේ යක්කු දෙන්නෙක් කියලා කිවුවා. ඉතින් ආච්චි ඇහුවා “යක්කු ලස්සන ඇදුම් අදින්නේ නැහැ නේද කියලා”. කවුද කියලා ආච්චිම බලන්න කියලා මේ පුතා ආච්චිගේ  අතට දුන්නා. “මේ පුතාගේ අම්මයි තාත්තයි නේ! “ කියලා ආච්චි කිව්වා. ඉතින් ඒ දෙන්නා යක්කු දෙන්නෙක් නේ කියලා මේ පුතා කිවුවා. ආච්චිය දුක හිතුනා ආච්චි එතනින් නික්ම ගියා. මේ ගැන දැන ගත් දෙමාපියන් දෙන්නා පුතාව පාසලේ hostel එකක නැවැත් වුවා මේ පුතාට ගොඩක් දුකයි වෙන ළමයින්ට දැනෙන දෙමාපිය රුකවරණය මේ පුතාට ලැබෙන්නේ නෑ. ඉතින් දවසක් මේ පුතා තවත් ලමයකු එක්ක හොරෙන් පැනලා ගියා. අතර මගදී මේ දෙන්නා රණ්ඩු වෙලා ම්තුරාගේ අත කැඩුනා.  මේ පුතා දුවගෙන යන කොට පල්ලියක father කෙනකුට හම්බ වුණා . මේ පුතා ගෙන් සියළු විස්තර දැන ගත් මේ පියතුමා මේ පුතාව ගෙදර එක්කර ගෙන ගියා. පසුව දෙමා පියන්ට එන්න කියලා ලිපියක් යැවුවා. මේ අම්මයි තාත්තයි එන දවසේ පල්ලියේ පියතුමා දෙමාපියන් දරුවන් බලා ගන්නේ කොහොමද , දරුවන්ට ආදරය කරන්නේ කොහොමද කියලා ගමේ ජනතාවට දේශනයක් දෙනවා. මේ දෙන්නට පල්ලිය ඇතුලට යන්න ලැජ්ජ හිතුනා. පස්සේ මේ සදන්නා නො දැනුවත්වම පල්ලිය ඇතුලට ගියා. පස්සේ දේශනය ඉවර වුණාම පල්ලියේ පියතුමා හමුවෙලා තමන් ගෙන් දැවාට වුණ වරදට සමාව ඉල්ලුවා. පසුව මේ තුන්දෙනා ගෙදර ගිහින් සතුටි ජීවත් වුණා.

බලන්න මේ පුංච් ළමයා කරපු වැඩේ. අපි කොහොමත් කැමති නැහැනේ පොතටම යටවෙලා ඉන්න .ඒත් මේ වගේ නපුරු වැඩ නම් කරන්න හොද නෑ.

Advertisements
This entry was posted in Uncategorized and tagged , , , , , , , . Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s