එක් කඩුල්ලක් ජය ගත්තා………

ඇත්තටම මම මේ දවස්වල ගොඩක් සතුටින් ඉන්නේ. මොකද පසුගිය දිනවල මම පෙනී සිටි o/L ප්‍රතිඵල පසුගිය දිනවල ආවා. මම විභාගයෙන් ජය ගත්තා. මට ලොකු ප්‍රතිඵලයක්  නැහැ. ඒත් මට ලැබුණු ප්‍රතිඵලය ගැන මම සතුටු වෙනවා.  මොකද කිසිම කෙනෙක් හිතුවෙ නෑ , අඩුම ගානේ මගේ අම්මයි අක්කයි වත් හිතුවෙ නෑ මම විභාගය ණය නැතුව කරන්න පාස් වෙයි කියලා. මම දැන් දුක් වෙනවා ඇයි මම මේ සතුට දෙගුන කරන්න පුළුටන් කම තියෙද්දී වැඩ කරේ නැත්කත් කියලා. මගේ ප්‍රතිඵලය 8/5 යි. සිංහල  C ,ව්ද්‍යාව S, ගණිතය C, නැටුම් C, ඉතිහාසය S, තොරතුරු තාක්ෂණය S,බුද්ධ ධර්මය B, ඉංග්‍රීසි W, පුරවැසි අධ්‍යාපනය A මගේ ප්‍රතිඵලය මේක.ඇත්තටම අපිව මේ තත්වයට ගන්න  දෙමාපියන් වගේම පාසලේ ගුරුවරුත් ගොඩක් මහන්සි වුණා. මොකද පාසල් ඉතිහාසයටම හරිම දුර්වල ලමයි ටිකක් මේ පාර ඉන්නේ කියලා හැමෝගේම අදහස වුනේ.  ඇත්තටම උත්සහ ගත්තොත් කරන්න බැරි දෙයක් නැහැ තියලා මට දැන් හිතෙනවා. මම මේ ගත්ත ප්‍රතිපලය ගැන උඩගු වන්නේ නෑ.

මම  උසස් පෙළ  මගේ උපරිමෙන්ම කරනවා.මම මේ මගේ ජීවිතේ ලබපු ලොකු ජයක් කියලා හිතෙනවා. මගේ දෙමාපියන්ගේ  හිතට සතුටක් දෙන්න පුළුවන් වුණ එක ගැන මම සතුටු වෙනවා.මට මේ ජයග්‍රහනය ලබා ගන්න උදවු කරපු හැමෝටම මම ස්තූති වන්ත වෙනවා.

This entry was posted in Uncategorized and tagged , , , , . Bookmark the permalink.

7 Responses to එක් කඩුල්ලක් ජය ගත්තා………

  1. සහෝදරී(එහෙම කිව්වේ අපේ වයසෙම නිසා හොඳේ.),ඔය ප්‍රතිඵලේ ගැන පසුතැවෙන්නේ නැතිව ඒලෙවල් ගොඩ දාගන්න.ඒ ලෙවල් මොනවයින්ද කරන්න හිතන් ඉන්නේ?
    අපේ සුභපැතුම් සුභ අනාගතයකට!

  2. beta says:

    උ.පෙ නියමෙටම කරගන්න
    සතුටුය් මගේ වයසෙම බ්ලොග් ලියන කෙල්ලෙක් අදුර ගන්න ලැබුන එක

    ජය…….

  3. 3 දෙනාම සේම් ඒජ්

  4. ගිශාන් says:

    නංගො O/L ප්‍රතිඵල A/L වලට බලපාන්නේ නෑ.ඒක නිසා 2013 දී A/L විභාගය හොදට කරනවා කියලා හිතාගෙන වැඩ කරන්න.මම 2012 A/L mathematics කරන්නේ.දන්න නිසා කියන්නේ A/L එක දිගටම මහන්සි වෙලා කරන්න.

  5. මගෙත් සුභපැතුම් නංගියෝ, උසස්පෙළ මහන්සිවෙලා හොදට කරන්න.

  6. blog ekanam super ahhhh

Leave a comment