රෝහලේ කතා….

“ඔබ ආවේ ඇයි?” කියා දොස්තරගේ කාර්යාලයේදී පිළිගැනීමේ නිලධාරියා පැම්නෙන අයගෙන් සැම විටම අසති. ඔවුන්ට කාරණාව කුමක්ද කියා පිළිතුරු දීමට සිදුවන්නේ අනෙක් අය ඉදිරියේදීය. මෙය සමහර අවස්ථාවල රෝගියා ඉතාමත් අපහසුතාවයට මෙන්ම ලැජ්ජාවටද පත් කරවයි.
අනෙකුත් රෝගීන්ද තම වාරය එනතුරු රැඳී සිටින කාමරයක දොස්තරගේ පිළිගැනීම් නිලධාරිනිය ඔබේ රෝගය කුමක්දැයි ඇයට කියන ලෙසට බල කිරීම තරම් නරක තවත් දෙයක් නැත. බොහෝ දෙනා මෙය අත්දැක තිබෙනු නොඅනුමානය. මේ මහළු මිනිසා එහිදී ක්‍රියා කළ ආකාරය හරිම අපූරුය.

අවුරුදු 86ක් වයසැති පුද්ගලයෙක් සෙනඟ පිරුණු කාමරයට පිවිස මේසය වෙත ගියේය.

“ඔව් සර්! ඔබ අද දොස්තර හමුවෙන්නේ මොකටද?” කියා පිළිගැනීමේ නිලධාරිනිය විමසුවාය.

“මගේ ……..(දෝෂය කොතනද කියලා අන්තිමට හිතා ගන්න හොදේ.) මොකක්දෝ දෝෂයක් තියෙනවා.” මහළු පුද්ගලයා පිළිතුරු දුන්නේය.
මෙය ඇසූ සැණෙන් පිළිගැනීමේ නිලධාරිනිය කෝපයට පත් වූවාය.
“මෙවැනි සෙනඟ පිරුණු තැනකට ඇවිත් එවැනි දෙයක් කීම ඔබට වටින්නේ නැහැ” ඇය කියා සිටියාය.
“ඇයි නැත්තේ? ඔබ මගෙන් රෝගය කුමක්ද කියා ඇහුවා, මම කිව්වා” යැයි ඔහු කීවේය.
එවිට පිළිගැනීමේ නිලධාරිනිය මෙසේ පැවසුවාය.

“ඔබ දැන් මේ සෙනඟ පිරුණු කාමරයේදී මාව ලැජ්ජාවට පත් කර තියෙනවා. ඔබට කනේ හරි වෙන කොහේ හරි අමාරුවක් තියෙනවා කියලා මට කියන්න තිබුණා. ඊට පස්සෙ දොස්තර ළඟට ගිහින් පෞද්ගලිකව ඔබේ රෝගය ගැන සාකච්ඡා කරන්න තිබුණා.”

“පිළිතුරෙන් ඔබ ලැජ්ජාවට පත් වුණා නම් අමුත්තන්ගෙන් පිරුණු කාමරයක ඔබ මිනිසුන්ගෙන් ප්‍රශ්න ඇසිය නොයුතුව තිබුණා” කියූ මහලු පුද්ගලයා එතැනින් පිටව ගියේය. මිනිත්තු කිහිපයකින් පසුව යළි පැමිණියේය.
පිළිගැනීමේ නිලධාරිනිය සිනාමුසුව “ඔව්!” කීවාය.

“මගේ කනේ මොකක්දෝ වැරැද්දක් තියෙනවා” මහළු පුද්ගලයා කීවේය.

හිස වනමින් ඔහු පිළිගත් ඇය ඔහු තමාගේ උපදෙස් අනුගමනය කරනු දැකීමෙන් ආඩම්බරයට පත් වූවාය. පෙර සිනාවෙන් ම
“ඔබේ කනේ තිබෙන වැරැද්ද මොකක්ද සර්?” කියා ප්‍රශ්න කළාය.

“මට ඒකෙන් මුත්‍රා කරන්න බැහැ” යැයි මහලු පුද්ගලයා පිළිතුරු දුන් විට මුළු කාමරයම සිනා හඬින් පිරී ගියේය.

Posted in Uncategorized | Tagged , , , | Leave a comment

යට් සිතින් පැතුවා….

තල් කොළෙන් වට කෙරුණු

නුඹ ජීවන තක්සලාව ලග

දුර පෙනෙන මානයක

මගෙ ගත නතර විය

සරස්වති දේවිය

පාද සලඹ නගා

නුඹ ලගට පැමිණි කල

නුඹේ මුව සිනහා මල්

හතක් වී දුර ඉදන් දකින

ගිනි අවිය උර දරා සිටින මා

යට් සිතින් අනාවක් පතනවා…..

Posted in Uncategorized | Tagged , , | Leave a comment

එක් කඩුල්ලක් ජය ගත්තා………

ඇත්තටම මම මේ දවස්වල ගොඩක් සතුටින් ඉන්නේ. මොකද පසුගිය දිනවල මම පෙනී සිටි o/L ප්‍රතිඵල පසුගිය දිනවල ආවා. මම විභාගයෙන් ජය ගත්තා. මට ලොකු ප්‍රතිඵලයක්  නැහැ. ඒත් මට ලැබුණු ප්‍රතිඵලය ගැන මම සතුටු වෙනවා.  මොකද කිසිම කෙනෙක් හිතුවෙ නෑ , අඩුම ගානේ මගේ අම්මයි අක්කයි වත් හිතුවෙ නෑ මම විභාගය ණය නැතුව කරන්න පාස් වෙයි කියලා. මම දැන් දුක් වෙනවා ඇයි මම මේ සතුට දෙගුන කරන්න පුළුටන් කම තියෙද්දී වැඩ කරේ නැත්කත් කියලා. මගේ ප්‍රතිඵලය 8/5 යි. සිංහල  C ,ව්ද්‍යාව S, ගණිතය C, නැටුම් C, ඉතිහාසය S, තොරතුරු තාක්ෂණය S,බුද්ධ ධර්මය B, ඉංග්‍රීසි W, පුරවැසි අධ්‍යාපනය A මගේ ප්‍රතිඵලය මේක.ඇත්තටම අපිව මේ තත්වයට ගන්න  දෙමාපියන් වගේම පාසලේ ගුරුවරුත් ගොඩක් මහන්සි වුණා. මොකද පාසල් ඉතිහාසයටම හරිම දුර්වල ලමයි ටිකක් මේ පාර ඉන්නේ කියලා හැමෝගේම අදහස වුනේ.  ඇත්තටම උත්සහ ගත්තොත් කරන්න බැරි දෙයක් නැහැ තියලා මට දැන් හිතෙනවා. මම මේ ගත්ත ප්‍රතිපලය ගැන උඩගු වන්නේ නෑ.

මම  උසස් පෙළ  මගේ උපරිමෙන්ම කරනවා.මම මේ මගේ ජීවිතේ ලබපු ලොකු ජයක් කියලා හිතෙනවා. මගේ දෙමාපියන්ගේ  හිතට සතුටක් දෙන්න පුළුවන් වුණ එක ගැන මම සතුටු වෙනවා.මට මේ ජයග්‍රහනය ලබා ගන්න උදවු කරපු හැමෝටම මම ස්තූති වන්ත වෙනවා.

Posted in Uncategorized | Tagged , , , , | 7 Comments

මාර බීම……

බාර් එකක සිටින පුද්ගලයෙක් තමාගේ බීම වීදුරුව දෙස ඔහේ බලාගෙන සිටී. පැය භාගයක් ගතව ඇතත් ඔහු තවමත් බීම පානය නොකර ඒ දෙස බලා සිටී.

කලබල ඇති කරන, හැඩිදැඩි ට්‍රක් ඩ්‍රයිවර් කෙනෙක් බාර් එකට ඇතුල් වන්නේ මේ අවස්ථාවේදීය. බීම වීදුරුව දෙස බලා සිටින පුද්ගලයා අසලට පැමිණි ඔහු, කිසිම වග විභාගයකින් තොරව එම වීදුරුව රැගෙන බීගෙන බීගෙන ගියේය.

අසරණ පුද්ගලයා හඬන්නට පටන් ගත්තේය. ට්‍රක් ඩ්‍රයිවර් ඔහු සනසමින් “කමෝන් මෑන් ! මම නිකං විහිළුවක් කළේ. අඬන්න එපා, මම තව ඩ්‍රින්ක් එකක් ඔයාට අරන් දෙන්නම්. කව්රු හරි අඬනවා බලන් ඉන්න මට බැහැ” යැයි කියා සිටියේය.

“නැහැ, ඒකමත් නෙවෙයි” අසරණ පුද්ගලයා පවසා සිටියේය. “අද දවස මගේ ජීවිතයේ නරක ම දවසයි. ඉස්සෙල්ලා ම, මට නින්ද ගිය නිසා වැඩට යන්න පරක්කු වුණා. ඒ ගැන කුපිත වුන මගේ බොස් මාව රස්සාවෙන් අයින් කළා….මම කාර්යාලයෙන් පිටව මගේ කාර් එකට යද්දී ඒක හොරකම් කරලා. “තමන්ට කරන්න කිසිම දෙයක් නැහැ”යි කියල පොලිසිය කිව්වා. මම ටැක්සියක් අරගෙන ගෙදර ගියා. මගේ පර්ස් එකයි ක්‍රෙඩිට් කාඩ්ස් ටිකයි ටැක්සියේ බව මට මතක් වෙනකොට ටැක්සිය ගිහිං.”
“මම ගෙදරට ඇතුල් වෙද්දී, මගේ බිරිඳ උයන්පල්ලාත් එක්ක එක ඇදේ. මම ගෙදරින් පිටවෙලා මේ බාර් එකට ආවා. එහෙම ඇවිත්, මගේ ජීවිතය ඉවර කර ගන්න හිත හිතා ඉන්නකොට ම, ඔයා ඇවිත් මගේ වහ ටික බිව්වා.”

Posted in Uncategorized | Tagged , , , | Leave a comment

කදිම පාලනය……

මිනිසුන් තිදෙනකු කතා කරමින් උන්නේ තමන්ට තම බිරින්දෑ වරුන් කෙතරම් දුරට පාලනය කල හැකිද යන්න පිළිබදව යි.තුන් වැන්නා නිහඩව සිටියේය.ඔහු සකලසේනයි.බොහෝවෙලාවක් කතා කිරීමෙන් පසු පළමුවැන්නා සකලසේන දෙසට හැරුණි.

පළමු වැන්නා :- “හොදයි සකලසේන.ඔයාට ඔයාගෙ බිරිදව කොච්චර දුරට පාලනය කරන්න පුලුවන්ද?”

සකලසේන – මම පොඩි උදාහරණයක් දෙන්නම්.ඊයෙ රෑ පොඩි සද්ද මගේ නෝනා දන ගා ගෙන  මං ලගට ආවා

මෙය අසා සිටි ඉතිරි දෙදෙනා මහත් විස්මයට පත්වූහ.ඔවුන් සකලසේනගේ පාලනය ගැන ඇසීමට පසුවූයේ නොයිවසිල්ලෙනි.

දෙවැන්නා :- “ෂා..! ඒ මොකද සකලසේන ඒ.නෝනා ඔයාට මොකද කිව්වේ….?”
සකලසේන වතුර උගුරක් බී උගුරේ රැල් බුරුල් කොට ඇගපතට නොදැනී මෙසේ කීවේය.

සකලසේන :- “නෝනා කිව්වා.ඇද යටින් එළියට වරෙන්.ඇවිල්ල  මිනිහෙක් වගේ හොරු එක්ක සටන් කරපන් කියලා

Posted in Uncategorized | Tagged , , | 1 Comment

ආණ්ඩුව….

දිනක් පොඩි එකෙක් තම පියාගෙන් මෙසේ අසයි.
මොකක්ද තාත්තෙ ආණ්ඩුව කියන්නෙ….?”

පියා මෙසේ කියයි.

ආණ්ඩුව කියන්නෙ පුතේ හරියට මං වගේ.දැන් බලපන් මං දිහා.මං වැඩ කරන්නෙ මට ඔන විදියටයි.හැබැයි උඹලගෙ අම්ම ඇවිල්ල විරුද්ධ පක්ෂය වගේ.කොයි වෙලාවෙත් මම කියන හැමදේටම විරුද්ධ වෙනවා.එතකොට උඹලගෙ අක්කයි අයියයි හරියට වෘත්තිය සමිති වගේ.උං කොහොමහරි කෑ ගහල උංගෙ අයිතිවාසිකම් දිනාගන්නවා.එතකොට දැන් බලපන් උඹ දිහා.උඹ තමයි ජනතාව.කොයි පැත්තෙන් බැලුවත් තැලෙනවා.හැමෝම උඹට තමයි පාට් එක දාන්නෙ.”

පසු දා උදෑසන අවදි වූ පොඩි එකා තම පියාට මෙසේ කිය යි.
තාත්තෙ මං ඊයෙ රෑ දැක්ක.මං දැක්ක.”

තාත්තා :- “මොනවද පුතේ උඹ දැක්කෙ..?”
පුතා :- “මං දැක්ක තාත්තෙ ඊයෙ රෑ ආණ්ඩුව විරුද්ධ පක්ෂෙට පෙරලා පහරදෙනවා.වෘත්තීය සමිති මර නින්දෙ.ඒත් ජනතාව අවදියෙන්


Posted in Uncategorized | Tagged , , , | Leave a comment

ණයට ගෙනා මනමාලි

සිරිසේන අයියා සංවර්ධන බැංකුවට යනවා මං බලාගෙන. මාව දැක්කා මං හිතන්නෙ. මං නොදැක්කා වගේ උන්නා. නැත්තං පෙරේදා වගේ නීති උපදෙස් දීලා මගේ හොඳ පණ යනවා. හොඳ මනුස්සයා. රස්සාව ජෝසප් මුදලාලි ළඟ පොල් ලෙලි ගහන එක. කතාබහෙයි පෙනුමෙයි තරමක නෝන්ජල් ගතියක් තිබ්බත් අවංක මනුස්සයා. වයස අවුරුදු හතලිහකට කිට්ටුයි. මං කිව්වොත් ඕන දෙයක්.

පෙරේදා හවස මග රැකගෙන ඉඳලම මිනිහා මාව අල්ල ගත්තා.
“මාර වැඩේනෙ මලේ…. මගේ ගෑනි නඩත්තු ඉල්ලලා නඩු දාලනේ….”
ඔය කියන්නෙ අවුරුදු දෙකකට කලින් මිනිහව දාල ගිය ජානකී ගැන.
“කොහෙද දැං ඉන්නේ….?”
“නිකවැරටියේ ….. උංගේ ගම නේ….?”
“නඩත්තු දෙන්ඩ උඔලට දරුවො උන්නැයි…?”
“ඒකනේ……..!”
මිනිහා ඒ වචනේ ඇදලා පැදලා කියන තාලෙට ඕන කෙනෙකුට හිනා යනවා. මට තේරෙන විදිහට නං ජානකීට මේ කසාදේ පොතෙන් කටුගාල දාගන්ඩ ඕනෙ වෙලා වගේ. මේ යකාට ඕවා තේරුම් කරනවා සුම්මා.
“උසාවි ගිහිං බලාගමු…. වෙලාවක් තිබුනොත් මාත් එන්නං……”
“ඒක හොඳයි….. අනික මට කොහෙංද සල්ලි… ඔන්න උංගෙ නං හතර වරිගෙම කසිප්පු බිස්නස්කාරයෝ වෙච්චි……”
“අන්න වැඩේ….. ඕක උසාවියෙදිම කිව්වනං හරි…. ආයෙ උසාවි පැත්ත පළාතෙ නොඑන්ඩ…..”
“එහෙමත් බෑනෙ මලේ… ඔය ගෑනි තරහා උනොත් ආයෙ ගෙන්න ගන්ඩ වෙන්නෙම නෑ…”
“හහ්…. තාම ලෙංගතුකම තියෙනවා……”
“නැතුව මලේ…..? මොන වැරැද්ද කොලත් ගෑණීනේ

ඔය කසාදෙ කෙරුන වකවානුවේ සිරිසේන මාත් එක්ක වැඩි පයුරු පාසානයක් නෑ. සිරිසේනගේ අම්මා කාලෙකට කලින් මියගියා. සහෝදරයො දෙන්නත් කසාද බැඳලා ටිකක් දුර පදිංචි උනාට පස්සෙ ගෙදර ඉතුරු උනේ සිරිසේනයි තාත්තයි විතරයි. මේ මනුස්සයට කසාදයක් කරල දෙන්න උන්දෑ නොගත් වෑයමක් නෑ. ඒත් බලන්ඩ ගිය එක තැනක් වත් කැමති උනේ නෑ. මං හිතන්නේ මේ යකාගෙ නෝන්ජල්කමට. අන්තිමේදි ටිකක් දුර බැහැර කපුවෙක් තමා නිකවැරටියෙන් ජානකීව කතා කලේ. මොකද්දෝ හේතුවකට ඒ ගෙදරින් කැමති උනා. හැබැයි ඒක සිරිසේනටවත්, සිරිසේනට උරුම වෙන්ඩ තිබුනු කණාටු පොල් අක්කරේටවත් ඇතිවුනු කැමැත්තක් නෙමේ කියලා මටනං තේරෙනවා. දෙයියො දනී.

මගුල ජයට ගන්න සිරිසේනගේ තාත්තට ඕනෙ උනා. උන්දැගේ හේතුවත් නරකම නෑ.
“මේ ගංකොරේ මගුල් තුංහාරසීයකට මං ගිහිං ඇති. ගනං හැදුවොත් ලක්සෙකට එහා ඕවට දීල තියෙනවා. මගේ අනිත් උන් දෙන්නත් හොරාට උස්සං ගිය එකේ මේකවත් පිලිවෙලකට කරන්ඩ එපා‍යැ……”
මගුල ගන්න ඉඩම උගස් කරලා සංවර්ධන බැංකුවෙන් ලක්ෂ දෙකක් ගත්තා. ගේ පිළිසකර කරගන්නයි මගුලේ වැඩකටයුතු වලටයි.
“ඕක සුටුස් ගාල හොයාගත්තෑකි….. තුන් හාරසීයකට වඩා ඉන්නවා නොකියම බැරි…..”

අපරාදෙ කියන්ඩ බෑ. මගුල ජයට ගත්තා. සෑහෙන පිරිසක් ආපු, හොඳට කන්ඩ බොන්ඩ දීපු, අන්තිමට පොඩි වලියකුත් ගියපු අංගසම්පූර්ණ මගුල් ගෙයක්. මම ජානකීව දැක්කෙ ඊටත් සුමාන දෙකකට විතර පස්සෙ. ටිකක් කළු උනාට තරමක හැඩකාරියක්. සිරිසේනට ඉහටත් උඩින්.

කොහොම උනත් වලිය අතරේ, කාපු බීපු එවුන් සල්ලි නොදා මාරුවෙච්ච නිසා මගුල් ගේ පාඩු වෙලා තිබුනා.
“ලස්ස එකහමාරකට වඩා පාඩුයි…. මේ ගංවල හැත්ත……..”
අලුත් කසාදෙ බරත් එක්ක ලක්ෂ දෙකක ණය බරකුත් සිරිසේනට පැටවුනේ ඔහොමයි.

සිරිසේන හුඟාක් සතුටින් ගත කරපු වකවානුවක් තමා ඕක. අලුත් ජෝඩුවට නිදහසේ ටික කලක් ඉන්ඩ දීල සිරිසේනගේ තාත්තා සහෝදරයෙකුගේ ගෙදර ගියාට පස්සෙ දෙයියනේ කියලා සිරිසේන ගෘහ මූලිකයෙකුත් උනා. මායියගේ රෙදි පෙරෙදිත් හෝදන්නෙ සිරි‍සේන කියලා වටේ උන් කතා උනත්, සිරිසේන හුඟක් සතුටින් ඒවා කරන්ඩ ඇති බව මම දන්නවා.

දවසක් සිරිසේන වැඩ ඇරිලා එනකොට විච්චූරණ චීන මෝටර් බයිසිකල් තඩියෙක් මිදුලෙ නවත්තලා තිබුනා. ගේ ඇතුලේ ජානකි එක්ක කතා කර කර හිටියේ තරමක ඉලන්දාරියෙක්.
“ආ… සිරී…. මතකද මේ මල්ලි…? මගුල් ගේ දා මාව ගෙනත් ඇරලන්ඩ මෙහෙත් ආවෙ..?”
ඒ පරම්පරාවෙන් සිරිසේනට හරියකට මතක තිබුනේ මාමණ්ඩියි නැන්දම්මයි ඇරුණහම ජානකීගෙ මාමා කෙනෙක් වෙච්ච බඩ තියෙන කළු මහත ගෝරිල්ලෙකුයි විතරයි. කෝකටත් මතකයි කියන්ඩ සිරිසේන ඔලුව වැනුවා.
“අපේ අර සේතු බාප්පගේ දෙවෙනි පුතා…. අපේ ගෙවල් පහල පාරෙ…….? අර…..”
“පොඩි බිස්නස් රවුමක් ආවා අයියේ…. හොඳ බයික් දෙක තුනක් ගැන ඔත්තුවක් ආවා…….. ඒ ගමංම අක්කවත් බලල යන්ඩ…….”
ඔය බිස්නස් ගැන මෙලෝ දානයක් සිරිසේන දන්නෙ නෑ.

ඊට පස්සෙත් කීප වතාවක්ම ඔය නෑයා ඇවිත් ගිහින් තිබුනා. වතාවක් දෙකක් ජානකීම කිව්වා. තවත් වතාවක් හමාරක් බයිසිකල් රෝද පාර දැකලා සිරිසේන ඇහුවාම ජානකී කිව්වා. තවත් වතාවක් රෝද පාර තිබුනත් ජානකී නෑ කිව්වා. සිරිසේන ඕවා හාර අවුස්සන්ඩ ගියේ නෑ.

හැබැයි ඊළඟ සතියේ දවල් කෑම වෙලාවෙ වරුවක් නිවාඩු අරං සිරිසේන ගෙදර එනකොට අර මෝටර් බයියිකල් තඩියා මිදුලෙම තිබුනා. බිත්තිය අයිනටම ඇවිත් පුෂ් බයිසිකලේ ස්ටෑන්ඩ් එක ගහනකොටම වගේ කලබල උනු කවුරුහරි පුටුවක හැප්පෙනවත් ඇහුනා. අඩවල් කොරපු දොරෙන් ඇතුල් වෙනකොට අර ඥාතියා මේසෙකට හේත්තුවෙලා කමිසෙ බොත්තං දානවා. බලෙං හිනාවෙන්ඩ හදන උගේ මූණත් බිරාන්ත වෙලා වගේ.
“මේ පැත්තෙ පුදුම රස්නයක්නේ අයියේ…..”
සිරිසේනට එකපාරටම හිතුනේ ‘‍යකෝ…. නිකවැරටියේ එකෙක් කියන කතාවක්ද..?’ කියලා. ඒත් පොඩ්ඩක් හිනාවෙන්ඩ උත්සාහ කලා.
“බාප්පා කිව්වා එනගමං අක්කට කොහොමද කියලා බලං එන්ඩ කියලා….”
“කෝ අක්කා…..?”
එතකොටම වගේ කුස්සිය පැත්තෙ ඉඳං ජානකී ආවා.
“මේ… මල්ලි ඇවිත්…………”
ඒ වෙනකොටත් මාස දෙකක් තිස්සෙ දීග කාපු එකේ ජානකීගෙ මූණෙ වෙනසක් සිරිසේන අඳුන ගත්තා.

එදා රාත්තිරියේ මේ නෑයා නිතර එන්නෙ ඇයි කියලා සිරිසේන ජානකීගෙන් ඇහුවේ බොහොම යාප්පුවෙන්.
“ඇයි….? තමුසෙ ඒකටත් පදයක් හදන්ඩද? යකෝ මං උන්නද මලාද බලන්ඩ නෑයෙකුට කියලා එන්නෙ……….”
ඒ හඬ නං ජානකීගෙ නෙමේ. ජානකී ඇතුලේ හැංගිලා හිටපු වෙන යක්ෂයෙකුගෙ.
සිරිසේන ඇත්තටම බය උනා.

ඊළඟ සතියෙ හමාරෙ තත්වෙ බොහොම දරුණු උනා. කීප පාරක්ම හේතුවක් නැතිවම සිරිසේන ගුටිනොකා බේරුණෙත් යන්තමින් වගේ. මේවා ආරංචි වෙලා සිරිසේනගේ තාත්තත් ගෙදර ආවා. ඒ ඇවිත් දවස් දෙකයි. සිරිසේන වැඩ ඇරිලා එනකොට ජානකී යන්ඩම ගිහින් තිබුනා.
“අර එනවා කියපු මොකාද එකා බයික් එකේ ආවා…. මේකි තඩි බෑග් දෙකක් එල්ලගෙන කතා නැතුවම ගිහින් නැග්ගා…. කොහෙද යන්නෙ කියලා අහන්ඩ නැගිටිනකොටත් මුං ගිහිං……..”
ජානකීගේ ඇඳුම් කැඩුම්, රත්තරං බඩු, අල්මාරියේ තිබුන හොඳ බෙඩ්ෂීට් වගයක්, තවත් මොන මොනවදෝ එක්ක ණය ගෙවන්ඩ එකතු කරලා තිබුන රුපියල් පන්දාහකුත් ගෙනිහිං තිබුනා.
* * * * * * * * *
සිරිසේන බැංකුවේ ඉඳං කෙලින්ම ආවේ මං ළඟට.
“ණය වාරිකේ දාන්ඩ ආවා මලේ…..”
ඒ මගුල් ගෙදර ලක්ෂ දෙකේ ණය. මං නිහඬව උන්නා.
“දැං අවුරුදු දෙකකටත් වඩා ගෙව්වා. අද අහද්දි කියනවා තව එක්ලක්ස හැටදාහක් තියෙනවලු….. යකෝ මට ජීවිත කාලෙම පොල්ලෙලි ගහන්ඩ වෙයි මේක ගෙවන්ඩ….. ඒ මදිවට අරයා නඩුත් දාලනේ…..”
ඔය එන්නේ අර කතාවට තමා.
“අපි උසාවියෙදි කියමු මලේ ගෑණිව බාරගන්ඩ ලෑස්තියි කියලා……”

Posted in Uncategorized | Tagged , , | 1 Comment